gossiplanka alexa තිරිඟු පිටි නොලැබීම නිසා බේකරි වසා දමයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

තිරිඟු පිටි නොලැබීම නිසා බේකරි වසා දමයි

බේකරිවලට ලැබෙන තිරිඟු පිටි ප්‍රමාණය පහළ වැටීම හේතුවෙන් බේකරි හිමියන් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. තිරිඟු පිටි සමාගම් බේකරිවලට ලබා දෙන තිරිඟු පිටි ප්‍රමාණය 50%කින් අඩුකර තිබීම එයට හේතුවනවා. 

මහා පරිමාණ බේකරිවලට තිරිඟුපිටි සැපයූවද කුඩා පරිමාණ බේකරි සඳහා තිරිඟුපිටි නොලැබීම නිසා ඒවා බොහොමයක් වසා දමා ඇති බවයි එම සංගමය පවසන්නේ. එසේම සපයන තිරිඟුපිටිවල ප්‍රමිතියේ ගැටළු සහගත තත්ත්වයක් පවතින බැවින් පාන් අලෙවිය ද විශාල ලෙස පහත වැටී ඇති බව එම සංගමය පෙන්වා දෙනවා. ප්‍රමිතියෙන් තොර තිරිඟු පිටි නිසා පාන් ඇතුළු බේකරි නිෂ්පාදන ප්‍රමිතියකින් යුතුව සැකසීමට නොහැකි බවත් එම නිසා කල් තබා ගැනීමේ ගැටළු ද මතුවන බවත් බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එසේම තිරිඟුපිටි හිඟය නිසා බේකරි හිමියන් බිස්කට් කුඩු නිෂ්පාදනය ද අත හැර දමා තිබෙනවා.

පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5ත් 10ත් අතර ප්‍රමාණයකින් වැඩි කරන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටිය ද මේ වන විට ඒවායේ මිල රුපියල් 20කින් පමණ ඉහළ දමා තිබෙනවා. බිත්තර, එළවළු, මස්, මාළු ආදී සෑම දෙයකම මිල ගණන් ඉහළ දමා ඇති බැවින් බේකරි හිමියන් මහත් අසීරුතාවයට පත්ව ඇති බවයි එම සංගමය තව දුරටත් පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu