gossiplanka alexa විදෙස් නිලධාරීන් පාකිස්තානය වර්ජනයක, කර්මාන්තශාලා කටයුතුවලට බාධා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් නිලධාරීන් පාකිස්තානය වර්ජනයක, කර්මාන්තශාලා කටයුතුවලට බාධා

විදෙස් රටවල සිට පැමිණීමට නියමිතව සිටි විගණන නිලධාරීන්, විදෙස් ශ්‍රමිකයින් ඇතුළු පිරිස් පාකිස්තානයට පැමිණීම කල් දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පාකිස්තානයේ කර්මාන්තශාලාවක සේවය කල ශ්‍රී ලාංකික ජාතිකයෙකු අමානුෂීය ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි පැවසෙන්නේ. 

මේ හේතුවෙන් පාකිස්තානයේ කර්මාන්තශාලාවල කටයුතු වලට ද බාධා එල්ල වී තිබෙනවා. මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිද්ධිය විදෙස් රටවල් සමඟ පවත්වන වෙළඳ සබඳතාවලට ද විශාල බලපෑමක් කර ඇති බවයි. 

"නිසාම් සන්ස් ප්‍රයිවට් ලිමිටඩ්" නැමති ජාත්‍යන්තර කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසා ඇත්තේ සිය ආයතනය ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් වන නිසා විගණන කටයුතු ජාත්‍යන්තර විගණන ආයතන විසින් සිදු කරන බවත් මෙම ඝාතන සිද්ධිය හේතුවෙන් විගණන නිලධාරීන් පකිස්තානයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ය . 

පාකිස්තාන ජාතික අපනයන ආදායමෙන් පාකිස්තාන රුපියල් බිලියන 2.2ක දායකත්වයක් ලබා දෙන්නේ සියල්කොට් අපනයන කර්මාතශාලා ක්ෂේත්‍රයෙන් වන අතර මේ වන විට සියල්කොට් හි අපනයන කර්මාන්තය යම් පසුබෑමකට ලක්ව ඇතැයි සියල්කොට් වාණිජ මණ්ඩලය පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu