gossiplanka alexa LPL ගෙන්වන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නිසා ගැටළුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

LPL ගෙන්වන දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නිසා ගැටළුවක්

පැතිරයන ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය හමුවේ දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ ඇතුළු රටවල් 06ක සිට ලංකාවට ඇතුළු වීම තහනම් කර ඇති නමුත් ලබන දෙසැම්බර් මස 05 දින සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එල්.පී.එල් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු කලාපීය ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. 

එම ක්‍රීඩකයින් මේ දිනවල අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියේ ජෛව ආරක්ෂණ බුබුළේ කටයුතු කරන බැවින් ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමෙන් ගැටළුවක් මතු නොවනු ඇති බවයි පැවසෙන්නේ. Faf du Plessis, Imran Tahir, Cameron Delport, Marchant de Lange, සහ Tabraiz Shamsi මෙසේ එල්.පී.එල් තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් වනවා. 

ඔවුන්ගෙන්  Faf du Plessis සහ Imran Tahir මේ දිනවල එක්සත් අරාබි එමීරයෙහි පැවැත්වෙන අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වෙමින් ජෛව බුබුළේ කටයුතු කලත් Tabraiz Shamsi, Marchant de Lange සහ Cameron Delport එම අබුඩාබි ටී10 තරඟාවලියට සහභාගී නොවන බැවින් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම ගැටළුකාරී තත්ත්වයක් මතු කරනු ඇති බවයි සඳහන් වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu