gossiplanka alexa ලොවෙන් තුරන්කල වසූරිය මාරයා නැවතත් මිනිසුන් බිලීගනීද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොවෙන් තුරන්කල වසූරිය මාරයා නැවතත් මිනිසුන් බිලීගනීද ?

1900 දශකයේ ලෝක ජනගහණයෙන් මිලියන 30ක් පමණ බිලිගත් වසූරිය යනු එන්නත්කරණය මඟින් ලොවෙන් තුරන් කල මාරාන්තික වෛරසයක්. ඉතා සාර්ථක ලෙස වසූරිය වෛරසයට එන්නතක් සොයා ගැනීමට හැකි වූ නිසා වසූරිය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට මානව වර්ගයාට හැකියාව ලැබුණා. 

වසූරිය එසේ ලොවෙන් තුරන් කළ ද එම වෛරසයේ නියැදි සුරක්ෂිතව තබා ඇති ස්ථාන දෙකක් ඇති බව විද්‍යාඥයින් දැනගෙන සිටියා. එම ස්ථාන දෙක වන්නේ ඇමරිකාවේ ඇට්ලැන්ටා නුවර පිහිටි ඇමරිකන් වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ආයතනයේ මූලස්ථානය සහ රුසියාවේ කොල්ට්සෝවෝ නගරයේ පිහිටි වෛරස්වේදය සහ සහ ජෛව තාක්ෂනය පිළිබඳ අධි ආරක්ෂිත Vector පර්යේෂණාගාරයයි. 

නමුත් විද්‍යාඥයින් සහ ලොවම ආන්දෝලාත්මක කතා බහකට ලක් කරමින් වසූරිය රෝගයේ රෝගකාරක බීජ හෙවත් "වැරියෝලා" අඩංගු බවට සැලකෙන කුප්පි 15ක් ඇමරිකාවේ මර්ක් ඖෂධ සමාගමට අයත් පර්යේෂණාගාරයේ අධි ශීතකරණ කුටියකින් ද හමුවී තිබෙනවා. මෙම කුප්පි හමුවී ඇත්තේ එම පර්යේෂණාගාරයේ සේවකයෙකුටයි. මෙම පර්යේෂණාගාරය ඇමරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ පිහිටා තිබෙනවා. 

ඇමරිකානු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය (FBI) මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් දැනටමත් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙතෙක් පර්යේෂණාගාරයෙන් පිටතට වසූරිය වෛරසය කාන්දු වී නැති බව FBI කාර්යාංශය තහවුරු කරගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu