gossiplanka alexa ගල් අඟුරු හිඟය නිසා විදුලිය කප්පාදු කිරීමේ අවදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගල් අඟුරු හිඟය නිසා විදුලිය කප්පාදු කිරීමේ අවදානමක්

බන වසරේ මුල සිට රට තුළ බරපතල විදුලි අර්බුදයක් ඇතිවී විදුලිය කපා හැරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අඟවා සිටිනවා. ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ටොන් ලක්ෂ 6ක් පමණ මෙරටට ගෙන්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති නිසා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මෙසේ ගල් අඟුරු මෙරටට අහිමි වී ඇත්තේ ගල් අඟුරු මිල ඉහළ යාම සහ ක්ෂණික මිලදී ගැනීමට අදාළව කැඳවූ ටෙන්ඩරය අවලංගු වීම බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ. 

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට වසරකට ටොන් ලක්ෂ 20ක් පමණ ගල් අඟුරු අවශ්‍යවනවා. ඉන් 50%ක් වාර්ෂික ටෙන්ඩර් ක්‍රියා පටිපාටියට අනුව මිලදී ගන්නා අතර ඉතිරි 50% මිලදී ගන්නේ ක්ෂණික මිලදී ගැනීම් යතේයි. එසේ ක්ෂණික මිලදී ගැනීමට අදාළව ටොන් ලක්ෂ 6ක් සඳහා වූ ටෙන්ඩරය අහෝසි වීම මෙම විදුලි අර්බුදයට හේතු වී තිබෙනවා. 

කෙසේ වෙතත් ගල් අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය වන මෙගාවොට් 900න් 300 බැඟින් වන උත්පාදන යන්ත්‍ර එකක් හෝ දෙකක් නතර කර ඉන්ධන භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා. නමුත් එසේ ඉන්ධන මඟින් විදුලිය උත්පාදනය කිරීමේ දී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි සභාපතිවරයා පවසන්නේ. ගල් අඟුරු මඟින් නිපදවන විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 15ක් පමණ වුවත් එය ඩීසල් මඟින් නිපදවීමේ දී රුපියල් 30ක් පමණ වැයවන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu