gossiplanka alexa පාසැල් ආරම්භ කළත් දරුවන් පාසැල් නොපැමිණීමේ අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් ආරම්භ කළත් දරුවන් පාසැල් නොපැමිණීමේ අවදානමක

දිරියේ දී පාසැල් වෙත පැමිණෙන දරුවන්ස් අංඛ්‍යාව පෙරට වඩා අඩුවිය හැකි බව කරාපිටිය ශික්ෂන රෝහලේ ළමා හා යොවුන් මනස පිළිබඳව විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා. ඇය එයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ දරුවන් දීර්ඝ කාලයක් තිස්සේ අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටීම නිසා ඇති වී තිබෙන මානසික ව්‍යාකූලතාවයයි. 

මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ඇත්තේ දුෂ්කර පළාත්වල සිටින 9,10 ශ්‍රේණි සහ උසස් පෙළ හදාරන සිසුන් තුළ බව ඒ මහත්මිය වැඩි දුරටත් පවසනවා. අන්තර්ජාලයට ඇබ්බැහි වී සිටීම මෙන්ම ආර්ථික අපහසුතා සහ හිංසන ක්‍රියාවන් නිසා දරුවන් තුළ මෙසේ ව්‍යාකූලතත්වයන් හටගෙන ඇති බවයි දර්ශනී මහත්මිය පෙන්වා දෙන්නේ. 

මෙවැනි දරුවන් පාසැල් වෙත පැමිණීමට මැලි කමක් දක්වනවා සේම පාසැල්වලට පැමිණියත් අධ්‍යාපන කටයුතු ධාරණය කර ගැනීමට නොහැකි නිසා පාසැල් හැර යාමට පවා ඉඩ ඇති බව ඒ මහත්මිය අනතුරු අඟවනවා. 

සායනවලට පැමිණෙන බොහෝ දරුවන් තුල මෙම තත්ත්වයන් දැක ගත හැකි බව පවසන වෛද්‍යවරිය ඔවුන් තුළ ඉක්මන් කෝපවීම් සහ ඒවා පාලනය කර ගැනීමට නොහැකිවීම් වැනි තත්ත්වයන් ඇති බව සඳහන් කරනවා. එසේම සායන මඟින් හෙළිකර ගැනීමට නොහැකි ශාරීරික රෝග ‍රැසක් ද එම දරුවන් තුළ පවතින බව ද වෛදව්‍යවරිය පවසනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu