gossiplanka alexa ඉදිරි මාස 6 තුළ රට නංවන සැලසුම ගැන බැංකු අධිපතිගෙන් අනාවරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි මාස 6 තුළ රට නංවන සැලසුම ගැන බැංකු අධිපතිගෙන් අනාවරණයක්

කොවිඩ් 19 වසංගතය සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සීමාවීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවත් ඒ අනුව සාර්ව ආර්ථික ස්ථායිතාව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කාර්ය රාමු ත්‍රිත්වයකින් යුත් සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බවත් මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසනවා.

දැන් තිබෙන අභියෝගවලින් ඉදිරියට යන්න නම් පැහැදිලි දර්ශනයක්, පැහැදිලි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් එම වැඩපිළිවෙලවල් සියළු පාර්ශ්වකරුවන්ට පැහැදිලිව දැනුම් දිය හැකි නම් අභියෝගයට මුහුණ දීමට හැකි බවත් බැංකු අධිපතිවරයා පවසනවා. 

නව ඉදිරි දැක්ම මඟින් තීරණාත්මක ක්ෂේත්‍ර 3ක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ණය විදේශ විනිමය සම්බන්ධ ගැටළු මූල්‍ය අංශයේ ගැටළු සහ සාර්ව ආර්ථික ස්ථායිතාවයට අදාළ ගැටළු එම ක්ෂේත්‍ර 3ට ඇතුළත් කර තිබෙන බව සඳහන්. 

මෙම ඉදිරි දැක්මේ යොජනා වී ඇති කරුණු අතර

  • විදේශ මුදලින් බදු ගෙවීම
  • විදේශ විනිමය ඉපැයීම් සහ ඍජු ආයෝජන යොදා ගනිමින් මෝටර් රථ ආනයනයට ඉඩ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම
  • වසංගතය හා සම්බන්ධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන පාරිභෝගිකයින්ට සහාය වීම සඳහා පුනර්ජීවන ඒකක පිහි‍ටුවන ලෙස බැංකුවලින් ඉල්ලා සිටීම
  • ආසාර්ථකභාවයට පත් වූ මූල්‍ය සමාගම් 6 සමඟ කටයුතු කිරීම
  • එම මූල්‍ය ආයතන යළි නඟා සි‍ටුවීම සඳහා ප්‍රාග්ධන ආයෝජන යෙදවීම
  • ඒ මත පදනම්ව අධිකරන ක්‍රියාවල දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
  • බලපත්‍ර අත් හි‍ටුවා ඇති මූල්‍ය සමාගම්වල ආයෝජන කල හැකි ආයෝජකයන් සමඟ සාකච්ඡා කිරීම
  • සැලසුම්සහගත නව බඩු ව්‍යුහයක් සමඟ ආයෝජන හිතකාමී අය වැයක් ඉදිරිපත් කිරීම
  • රටේ බොරතෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් මහ බැංකුව විසින් සැපයීමෙන් විදේශ විනිමය වෙළඳපොළ වෙත ද්‍රවශීලතාව වැඩි කිරීමට යොමු කිරීම
  • විනිමය අනුපාතිකය පිළිබඳව සහතිකයක් ලබා දී රජය සු‍රැකුම්පත්වල ආයෝජන ප්‍රවර්ධනය් කිරීම
  • රාජ්‍ය ණය සහන කාලය දීර්ඝ කිරීම
  • රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ වාහන නැවත පවරා ගැනීම මාස හයකට අත් හි‍ටුවීම
  • වසංගතය නිසා බලපෑමකට ලක් වූ ව්‍යාපාර සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීම
  • සංක්‍රමණ දීමනා මත පනවා ඇති උපරිම සීමාව ලබන වසරේ ජනවාරි මස සිට ඉවත් කිරීම
  • අධ්‍යාපනය සහ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදේශ විනිමය කඩිනමින් සැපයීම
  • ආනයනය මත පනවා තිබූ ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හි‍ටුවීම
  • ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම
  • කල් පිරෙන ණය බැඳීම් නැති සෑම අවස්ථාවකදීම ණය නොවන මූලාශ්‍රවලින් පියවනු ලැබීම
  • ජාත්‍යන්තර ස්වෛරීත්වය බැඳුම්කර දළ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස 10%ක් දක්වා අඩු කිරීම
  • විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ නිල මාර්ග ඔස්සේ ලබා ගැනීම දිරිමත් කිරීම
  • අත් හි‍ටුවා තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර ආපසු ලබා දීම යන කරුණු වෙයි.







ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu