gossiplanka alexa සහල් වලට දැමූ උපරිම සිල්ලර මිල සඳහන් ගැසට් නිවේදනය අහෝසි කළේ ඇයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සහල් වලට දැමූ උපරිම සිල්ලර මිල සඳහන් ගැසට් නිවේදනය අහෝසි කළේ ඇයි ?

හල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල සඳහන් විශේෂ ගැස්ට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දීමට ඊයේ (27) රාත්‍රියේ දී සූම් තාක්ෂණය ඔස්සේ ‍රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කලා. 

එම ගැසට් නිවේදනය මඟින් කැකුළු සහල කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 90, නාඩු සහල්  කිලෝවක උපරිම උපරිම සිල්ලර මිල රුපියල් 98, සම්භා සහල් කිලෝවක උපරිම උපරිම සිල්ලර මිල රුපියල් 103,  කීරි සම්බා කිලෝවක උපරිම සිල්ලර මිල 125 ලෙසත් තීරණය වී තිබුණා. 

එසේම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා මෙට්‍රික් ටොන් ලක්ෂයක් එතෙරින් ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වුණා. මීට අමතරව කිරිපිටි, පාන්පිටි, ගෑස්, සිමෙන්තිවල මිල පිළිබඳව තීරණය මේ මොහොතේ නොගෙන පසුව සලකා බැලීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඉදිරියේ දී රුපියල ස්ථාවරභාවයට පත්වන නිසා ආනයනකරුවන්ට ගැටළුවක් ඇති නොවනු ඇති බව ද මුදල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙනවා. 

එසේ සහල් මිල පාලන ගැසට්‍ටුව අහෝසිකලේ පාරිභෝගිකයින් සහ ගොවීන් යන දෙපාර්ශ්වයටම සහන සැලසීමේ අරමුණින් බව රජය පවසනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu