gossiplanka alexa අවිශ්ක ප්‍රනාන්දුට රෝයි ඩයස් පිහි‍ටුවා ඇති වාර්තාවක් බිඳ දැමීමට අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවිශ්ක ප්‍රනාන්දුට රෝයි ඩයස් පිහි‍ටුවා ඇති වාර්තාවක් බිඳ දැමීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට හිටපු දක්ෂ පිතිකරුවෙකු වන රෝයි ඩයස් පිහි‍ටුවා ඇති වාර්තාවක් බිඳ හෙලීමට අවස්ථාවක් උදා වී තිබෙනවා. 

එක්දින ඉනිම් 27 කදී ලකුණු දහස ඉක්මවා යමින් රෝයි ඩයස් මෙම වාර්තාව පිහි‍ටුවා ඇත්තේ අඩුම ඉනිම් සංඛ්‍යාවකදී එක්දින ලකුණු දහස පසුකළ ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසින්. අවිශ්ක ප්‍රනාන්දු මේ වන විට ඉනිම් 24කට එක්වෙමින් ලකුණු 946ක් ‍රැස් කර ගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට මෙම වාර්තාව බිඳ හෙලීම සඳහා තවත් ඉනිම් දෙකක දී ලකුණු 54ක් ‍රැස් කල යුතු වනවා. 

මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ පාකිස්තානයේ ෆකාර් සමාන් වන අතර ඔහු ඉනිම් 18කදී ලකුණු දහසේ කඩ ඉම පසු කර තිබුණා. ඉනිම් 19ක දී ලකුණු දහස කඩ ඉම පසු කල පාකිස්ථානයේම ඉමාමුල් හක් මෙම වාර්තාවේ දෙවන තැන පසුවනවා. 

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලියේ දෙවන තරඟය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. මෙහි පළමු තරඟය ශ්‍රී ලංකාව ලකුණු 14කින් ජයග්‍රහණය කළා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu