gossiplanka alexa නිරෝධායන ඇඳිරිනීති කාලයේ දී අවසර දී ඇති කාර්යයන් නිවේදනය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධායන ඇඳිරිනීති කාලයේ දී අවසර දී ඇති කාර්යයන් නිවේදනය කෙරේ

යේ (20) රාත්‍රී 10.00 සිට ලබන 30 වනදා අළුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළා. එසේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ දී අවසර දී ඇති කාර්යයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. 

ඒ අනුව පහත කාර්යයන් සහ සංවිධාන ක්‍රියාත්මක කල හැකි වනවා. 

01. සෞඛ්‍ය සේවා

  • සියළුම සෞඛ්‍ය ආයතනවල හදිසි සේවා
  • ගිලන්රථ සේවා
  • රසායනාගාර සේවා
  • දුරකතනයෙන් සාකච්ඡා කිරීමෙන් භාහිර රෝගී සත්කාර සේවා සැපයීම
  • පෞද්ගලික සෞඛ්‍ය සේවා - පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සහ රසායනාගාර සේවා - සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුය. 
  • සාමාන්‍ය සායන පැවැත්වෙන්නේ නැත. නමුත් සායනවල ලියාපදිංචි රෝගීන්ට ඖෂධ යවනු අලෙබේ. 
  • අධිම් අවදානම් කාණ්ඩයන් සඳහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී / සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම විසින් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා සඳහා අත්‍යාවශ්‍ය ගෘහ පිවිසුම් සලසයි. ඉල්ලුම මත පවුල් සැලසුම් සේවා සැපයිය හැකියි. 
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම විසින් සිදුකරන වෙනත් ඕනෑම වසංගත පාලන ක්‍රියාමාර්ග (කොවිඩ් නොවන උදා : ඩෙංගු, ආහාර විෂවීම)
  • ෆාමසි (රාජ්‍ය හා පෞද්ගලික යන දෙ අංශයෙන්ම)
  • සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ කාර්ය මණ්ඩල සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට
  • PDHS සහ RDHS කාර්යාල, අදාළ PDHS සහ RDHS විසින් තීරණය කරන පරිදි තත්ත්වය අනුව අවශ්‍ය කාර්ය මණ්ඩලය සමඟ කටයුතු කිරීම
  • කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන් දිගටම පවත්වාගෙන යාම

2. පොලිස් ස්ථාන

3. ග්‍රාම නිලධාරී

4. සියළුම ක්ෂේත්‍ර නිලධාරීන්

5. පළාත් පාලන නිලධාරීන් - අදාළ අධිකාරිය විසින් තීරණය කරනු ලබන පරිදි අවශ්‍ය කාර්ය මණ්ඩලය සමඟ

6. උපයෝගිතා සේවා - විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, එල්.පී ගෑස් මධ්‍යස්ථාන, මෝටර් ගරාජ / ටයර් සේවා - සේවා නඩත්තු කිරීමට සහ හදිසි බිඳ වැටීම්වලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය සමඟ, මාර්ග නඩත්තුව / ඉදිකිරීම දිගටම කරගෙන යාම

7. කෘෂිකර්මාන්තය - ගොවිතැන් කිරීම, පශු සම්පත්, මසුන් ඇල්ලීම ශාරීරික දුරස්ථභාවය පවත්වා ගනිමින් දැඩි පූර්වාරක්ෂාවන් යටතේ මායිම් හරහා නොගොස් පමණක් සිදු කල යුතුය

8. සිල්ලර වෙළඳසැල් / සුපිරි වෙළඳසැල් මාර්ගගත ක්‍රමය යටතේ පවත්වාගෙන යාම

9. අත්‍යාවශ්‍ය සේවා බෙදාහරින්නන්ට

10. බේකරි - බෙදා හැරීම සඳහා පමණක් නිෂ්පාදනය වන අතර එයට බේකරි සාප්පු ඇතුළත් නොවේ

11. බැංකු - සීමිත මූල්‍ය ගනුදෙනු සඳහා, ගනුදෙනුකරුවන් සඳහා අන්තර්ජාල බැංකුකරණයට දිරිමත් කරන්න

12. ප්‍රවාහනය - අත්‍යාවශ්‍ය සේවා සහ අනෙකුත් අවසර ලත් සේවා සඳහා පමණක් අවසර හිමිවේ.  ජංගම රථ සේවා සහ හදිසි රෝගීන් ප්‍රවාහන සේවා

13. අවමංගල්‍ය කටයුතු - පැය  24ක් තුළ හැකි ඉක්මනින් පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පමණක් අවසන් කළ යුතුය. මෙය කොවිඩ් මරණ සඳහා වලංගු නොවේ

14. නිශ්චිත කටයුත්තක් සඳහා වරකට නිවාස පරිශ්‍රයෙන් පිටත අවසර දෙනු ලබන්නේ එක් නිවසකට එක් පුද්ගලයෙකුට පමණි. 

15. වෙනත් අවදානම් කණ්ඩායම් (අවුරුදු 65ට වැඩි පුද්ගලයින්/නිදන්ගත රෝග ඇති පුද්ගලයින්) වෛද්‍ය හේතූන් මත මිස නිවසින් පිටතට යාමට අවසර නැත. 

16. කිසිදු හේතුවන් මත පෞද්ගලික ඒකරාශීවීම් තහනම්

17. දෛනික වැ‍ටුප් ලබන කම්කරුවන් (ඉදිකිරීම ස්ථාන ආදිය) සේවායෝජකයින්ට සමාජ දුරස්ථභාවය සහ මූලික සනීපාරක්ෂක පියවරයන් සඳහා පනවා ඇති නිශ්චිත සීමාවන් සමඟ වැඩ කිරීමට අවසර ඇත.

18. සංචාරක ව්‍යාපාරයට අදාළ ක්‍රියාකාරකම් නිදහස් කර ඇත

19. ප්‍රජාවගේ හදිසි අවශ්‍යතා අනුව දැඩි අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වීමට දිස්ත්‍රික්/ප්‍රාදේශීය කොවිඩ් කමිටු විසින් ක්‍රියාකාරකම් තීරණය කරයි.

ඉහත සියළු කාර්යයන් සිදු කිරීමේ දී කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ල්ද උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතුය. 

ආගමික ‍රැස්වීම්, සමාජ ‍රැස්වීම්, ආපනශාලා, හෝටල්, ආගන්තුක නිවාස, ප්‍රදර්ශන, උපකාරක පංති, ක්‍රීඩා උත්සව, සිනමා ශාලා, ස්පා වැනි මෙහි සඳහන් නොවන සියළුම ක්‍රියාකාරකම් සිදු කිරීමට අවසර නොමැත. 

functions permitted under quarantine curfew

functions permitted under quarantine curfew






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu