gossiplanka alexa සියළු කොවිඩ් ප්‍රභේද මුළුමනින්ම පරදන්න නාස් දියර නිෂ්පාදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළු කොවිඩ් ප්‍රභේද මුළුමනින්ම පරදන්න නාස් දියර නිෂ්පාදනයක්

කොවිඩ් 19 සියළු ආකාරයේ වෛරස් ප්‍රභේද සාර්ථකව විනාශ කළ හැකි විශිෂ්ටතම ඖෂධයක් ලාංකික අපට ද තව නොබෝ දිනකින් ලබා ගැනීමේ භාග්‍ය උදා වන්නේ යැයි මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසනවා. 

නයිට්‍රික් ඔක්සයිඩ් රසායනික සංයෝගය අඩංගු කර නිපදවන ලද මෙම ඖෂධයට (99.9%) මෙතෙක් හඳුනාගෙන ඇති සියළු ආකාරයේ කොවිඩ් - 19 වෛරස ප්‍රභේදයන් විනාශ කළ හැකි බව පැවසෙනවා. 

එසේම මෙම රසායනික සංයෝගයට දිලීර, බැක්ටීටියා, වෛරස් පමණක් නොවේ ප්‍රොටොසෝවා පවා විනාශ කිරීමේ හැකියාව පවතිනවා. වෛද්‍යවරුන් පෙනහළුවල රුධිර පීඩනය වැඩි රෝගීන්ගේ ධමනි විශාලනය කිරීමේ ශල්‍යකර්ම සඳහා මේ රසායනික භාවිතා කරන බව වාර්තා වනවා. 

ස්වීඩනයේ UPPSALA සරසවියේ ජීව රසායන සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන AKELUNDKVIST මහතා මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ UTAH සරසවිය කළ අධ්‍යයනයක් තුළින් නයිට්‍රික් ඔක්සයිඩ් කොරෝනා වෛරසවලට සාර්ථකව ක්‍රියා කරන බව තහවුරු කර ඇතැයි පැවසූ සුභසිංහ මහතා තව දුරටත් අදහස් දැක්වූවා.

''කොවිඩ් 19 වෛරසය සෛල තුලට ඇතුළු වීමට යොදාගන්නා ACE 2 නැමති උපාංගයන් අවහිර කරන්නට නයිට්‍රික් ඔක්සයිඩ්වලට හැකියාව තිබෙනවා. එම නිසා ලැම්ඩා, ඩෙල්ටා හෝ ඕනෑම කොරෝනා වෛරස කාණ්ඩයක් මේ රසායනික සංයෝගය මඟින් ක්ෂණිකව විනාශ කිරීමේ හැකියාව තිබෙන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා. 

ඇමෙරිකා එකසත් ජනපදය, එංගලන්තය, ඉතාලිය වැනි රටවල් මෙම නව ඖෂධය එම රටවල භාවිතා කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. සෙසු රටවල් ද මෙම ඖෂධය හදිසි භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

අද වන විට එන්නත්කරණය ගෝලීය වශයෙන් සිදු වුණත් වරින්වර යම් යම් ප්‍රතිවිරුද්ධ ප්‍රභේද ඇතිවීම ප්‍රජා ප්‍රතිශක්තිකරණයට ද ගැටළුවක් වී තිබෙනවා. විශේෂයෙන්ම ඩෙල්ටා වැනි ප්‍රභේද පැය 16ක් පමණ වේලා වාතයේ නොනැසී පවතින බව සොයා ගෙන තිබෙනවා. නාස් පුඩු තුළින් ඇතුළු වන වෛරස අංශු සාමාන්‍යයෙන් දින තුනක් පමණ පෙනහළු ගමන් කරා ගමන් කිරීමට ගන්නවා. 

මෙම නව ඖෂධය හඳුන්වා දීම සඳහා මේ වනවිටත් අදාළ නිෂ්පාදන සමාගම මූලික ගිවිසුම් අත්සන් කර තිබෙනවා. මෙම ඖෂධය නාසයට නස්නය කළ හැකි දියර (ස්ප්‍රේ) විශේෂයක් ලෙස නිෂ්පාදනය වනවා. මෙම ඖෂධය නාසයට නස්න කිරීම මඟින් නාසයේ යම් වෛරස ප්‍රමාණයක් ‍රැඳී තිබුණොත් එය ඉතා කෙටි කාලයකින් විනාශ කර දමන බව පෙන්වා දෙනවා. 

උදේ-සවස මෙසේ නස්න කිරීම මඟින් වෛරසය සහමුලින්ම විනාශ කල හැකියි. මෙම ඖෂධයේ අඩංගු රසායනය මිනිස් සිරුරේ ද පවතින බැවින් අහිතකර බලපෑම්වලින් තොර බව ද කිව හැකියි. ''

උපුටා ගැනීම - මවුබිම


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu