gossiplanka alexa දේශපාලනයේ රජුන් තනන්නාගේ හැරයාම ගැන පළ වූ ශෝක සටහන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දේශපාලනයේ රජුන් තනන්නාගේ හැරයාම ගැන පළ වූ ශෝක සටහන්

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන නමක් සනි‍ටුහන් කල මංගල සමරවීර මහතා කොවිඩ් වෛරසයට ගොඳුරු වී ඊයේ (24) දැයෙන් සමුගත්තා. එතුමාගේ හදිසි වියෝව පිළිබඳව ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ඇතුළු බොහෝ පිරිසක් තම ශෝකය පලකර තිබුණේ මේ අයුරින්.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

"ලාංකීය දේශපාලන ගමන්මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් මම ඉතා සංවේගයට පත් වීමි.

එතුමාගේ අභාවය පිළිබඳව මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමි.''

gotabaya rajapaksha


අගමැති මහින්ද රාජපක්ෂ මහතා

"හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අසා මම මහත් කනගාටුවට පත්වුණෙමි. 

කලක් අප සමඟ ඉතා ම සමීපව දේශපාලන කටයුතු කළ එතුමා අපේ කඳවුරේ ද පෞද්ගලිකව මගේ ද දේශපාලන කටයුතු සඳහා සුවිශේෂ දායකත්වයක් ලබා දුන් හිතවතෙකි; දේශපාලනඥයෙකි; සටන් සගයෙකි. 

මේ කනගාටුදායක අවස්ථාවේ මංගල සමරවීර මැතිතුමාගේ පවුලේ සැමට සහ හිතවතුන්ට මගේ ශෝකය ප්‍රකාශ කරමි.

Mahinda rajapaksha


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා

"මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එය එසේ නොවී ය. කොරෝනා වෛරසය අද උදෑසන වන විට ඔහු ගේ ජීවිතය ද බිලි ගෙන තිබුණි.

මංගල වනාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසනීය ස්ථාවර අදහසක් දැරූ, සියළු දෙනාගේ ම නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි, කැපී පෙණුනු දේශපාලන චරිතයකි. එමෙන්ම රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ පුද්ගලයෙකි. මංගල අපේ සියලු ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට ගණයේ සන්නිවේදකයෙකි. 2015 සිට 2019 දක්වා පැවැති කැබිනට් මණ්ඩලය තුල විදේශ කටයුතු සහ මුදල් යන විෂයයන් ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළ අමාත්‍යවරයෙකි."


සමඟි ජනබලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

"මානවවාදීත්වයට ගරු කරමින්, හෘද සාක්ෂියට එකඟව තමන් විශ්වාස කරන දර්ශනය උදෙසා ඇප කැපවීමෙන් කටයුතු කළ යුග පුරුෂයෙකු වූ අප හිතාදර මංගල සමරවීර මැතිදුනි, ඔබ නිවී සැනසෙත්වා."

මෛත්‍රීපාල සිරිසේන මහතා

මා මිත්‍ර මංගල සමරවීර පිළිබදව ජීවිතේ කිසි දවසක මෙවැනි සටහනක් ලිවීමට මා හට සිදුවේවි යැයි මා නොසිතුවෙමි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කොට 1989 වසරේ මා සමඟ එකට පාර්ලිමේන්තුවට පිවිසුණු මංගල ජීවිත කාලය පුරාවටම මා සමඟ සිටි කල්‍යාණ මිත්‍රයෙකි.
වගකීම් ,අභියෝග ආශිර්වාදයක් කර ගත් මංගල සමරවීර නම් අව්‍යාජ දේශපාලන සහෘදයා නව ලෝකයට බද්ධ වූ නැවුම් අදහස් වලින් පිරි විශිෂ්ටයෙකි.1994 බල පෙරලියේ භාරදූර කාර්යයක් ඉටුකළ ඔහුව සියලු දෙනා හැඳින්වූවේ දේශපාලනය තුල නිර්මාණාත්මක දක්ෂයකු ලෙසයි.2015 මා ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් වන මැතිවරණය දක්වාම ඔහු මෙහෙයවූ සියලු මැතිවරණ ජයග්‍රහණයෙන් අවසන් කරන ලදී.
2015 ජනාධිපතිවරණයේදි මා හට විශාල කැප කිරීමකින් සිය වගකීම අකුරට ඉටුකළ දේශපාලන ක්‍රියාකරුවෙකි. අවශ්‍ය සෑම විටකදීම භාරදූර වගකීම නොපැකිලව අභියෝගයක් ලෙස භාර ගත් මංගල සිය ජීවිතයම කැප කළේ රටේ යහපැවැත්ම ගොඩනැගීමටයි.
මාගේ රජය තුළ ප්‍රධාන කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් හොබවමින් රට වෙනුවෙන් අවශ්‍යම මොහොතේදී සිය වගකීම අකුරටම ඉටුකළ අමාත්‍යවරයෙකි.විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු සිදුකළ සේවය ප්‍රශංසනීයයි.
1994 සිට සෑම රජයකටම ප්‍රබල අමාත්‍ය ධූර දැරූ ඔහු සෑම අමාත්‍යාංශයක්ම විශිෂ්ට අන්දමින් හැසිරවීමේ හැකියාවක් තිබූ අමාත්‍යවරයෙකි.ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි ඔහු දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද මහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ අමාත්‍යවරයෙකි.
නූතන ලෝකය පිළිබඳව මනා අවබෝධයක් තිබූ ජාත්‍යන්තර සමාජය සමඟ මනා සබැඳියාවක් ගොඩනැගූ මා මිත්‍ර මංගල සමරවීර ජීවිතයෙන් සමුගැනීම මාහට පෞද්ගලිකවත් ,රටටත් පිරිමැසිය නොහැකි පාඩුවකි. සත්‍ය සහ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි මා මිත්‍ර මංගල සමරවීර මහතාණනි ඔබට නිවන් සුව.
මෛත්‍රීපාල සිරිසේන මහතා හයවන විධායක ජනාධිපති"

ජනතා විමුක්ති පෙරමුණ

මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය පිළිබඳ අපගේ ශෝකය! හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා කොවිඩ් රෝග තත්වය හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී අද (24) දින අභාවප්‍රාප්ත වී තිබේ.
මංගල සමරවීර මහතා විශ්වාස කළ දේශපාලන ගමන්මඟ පිළිබඳවත්, ඔහුගේ දේශපාලන දැක්ම පිළිබඳවත් ඔහු සහ අප අතර ඇත්තේ පැහැදිලි වෙනස්කමකි. එසේ වුවද ඔහු, ඔහු නියෝජනය කළ දේශපාලන ධාරාවේ සිටි හොඳ මිනිසෙක්, හොඳ මහත්මයෙක් විය.
ඔහු කිසිවිටෙක දේශපාලනය වෙනුවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා ගත්තේ නැත. දේශපාලනයෙන් නිදහස් මතධාරියෙකු වූ ඔහු, තමන්ට දේශපාලන වශයෙන් අවාසිදායක තත්වයන් තුළදී පවා තම ප්‍රතිපත්ති මත පිහිටා සිටීමට සමත් විය. රට තුළ මතු වූ ඇතැම් තීරණාත්මක දේශපාලන අවස්ථාවන්හිදී ඔහු අප සමග සමීපව කටයුතු කළ ආකාරයද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.
ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝක වන ඔහුගේ පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනා සමඟ එම ශෝකය බෙදාගැනීමට අපිද එක්වෙමු.
දේශපාලන මණ්ඩලය ජනතා විමුක්ති පෙරමුණ
2021.08.24

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය

මංගල - මා ආදරණීය මිතුර, සොයුර, සටන් සගය,
මේ අඳුරු දිනයේ ඔබ ජීවිත සටන පරාජය වී ඇත.
ඔබේ ඥාතීන් සහ මිතුරන් ඔබව ජීවත් කිරීමට ඔබ සමග සටන් කළහ. කඳුළු සැලූහ. අපි ද ඒ සටහ පැරදුණෙමු.
මංගල, ඔබ මිය ගොස් නැත. ලංකාව සහ ලෝකය පිළිබඳ ඔබ තුළ පැවති අසාමාන්‍ය දර්ශනය ජීවත් වනු ඇත.
අපි උරෙනුර ගැටී කළ සටන සදාකල්හි ජීවත් වනු ඇත.

ආදරණීය මංගල, වඩා හොඳ ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදු වන සෑම සටනකම ඔබ ජීවත් වනවා නිසැකය.
නිදහස, අවංක පාලන ක්‍රමයක්, සියල්ලන් එක්සත් කරන සහ විවිධත්වය ගරු කිරීම ඉහළින්ම රජයන රටක් - දේශපාලනඥයින්ට නොව තම ජනතාවට සැබැවින්ම සලකන පාලන ක්‍රමයක් සහිත රටක්- මේ සියල්ලේ සංකේතය ඔබයි.

අසාධාරණය, දූෂණය සහ භීෂණයට එරෙහිව නැඟී සිටින සියල්ලන්ගේ හදවත්වල සහ ක්‍රියාවන් තුළ ඔබ ජීවත් වනු ඇත.

විවිධ කැබිනට් අමාත්‍ය ධුර දරමින් අප දේශය වෙනුවෙන් සිදු කළ ඉමහත් සේවය මම සදා සමරමි. ජාතික සන්නිවේදන සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ඔබ නායකත්වය ලබා දුන්නේය.

අඳුරු අගාධයකට ඇද දමා තිබුණු අප රටේ විදේශ සබඳතා විශාල වශයෙන් යළි දියුණු කළ ඔබ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාව කරා යළි ගෙන යමින් ප්‍රෞඪ සහ ශක්තිමත් දේශයක් බවට අප රට පත් කළේය.
මේ සියල්ල ඔබ සිදු කළේ මහා අභියෝග සහ අවධානම්වලට නොබියව මුහුණ දෙමිනි.

මේ සියලල්ටම වඩා වැඩියෙන් ඔබ තුළ වූ පෞද්ගලික ප්‍රතිපත්ති සහ ගතිගුණ ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ සොයා ගැනීමට නොහැකි තරම් ය.

පරම්පරා ගණනාවක් ඉදිරියට ද අප තාරුණ්‍යය ඔබ විසින් අභිප්‍රේරණය කරනු ඇත.
ආදරණීය මිතුර, ශක්තිමත්ව සැතපෙන්න.

නිවන් දකින්නට පෙර සසර ගමනේ ඔබ-අප සිහින දුටු වැදගත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් කරන සටනට එක්වීමට නැවත අප අතරට පැමිණෙන්න.

මීට,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu