gossiplanka alexa ශ්‍රී ලංකාවෙන් පළමුවරට හඳුනාගත් කොවිඩ් නිව්මෝනියාවට පෙර ඇතිවන පෙනහළු සංකූලතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවෙන් පළමුවරට හඳුනාගත් කොවිඩ් නිව්මෝනියාවට පෙර ඇතිවන පෙනහළු සංකූලතාව

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා ඇතිවන කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහළු සංකූලතාව පිළිබඳව මේ වන විට පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. 

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා මියයෑමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ කොවිඩ් නිව්මෝනියාව සහ ලේ කැටි ගැසී ඒවා පෙනහළු තුළ සිරවීමයි. එම කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණවල දී අදාළ සංකූලතාව සොයාගෙන තිබෙන අතර එම නව රෝග තත්ත්වය හඳුනාගෙන තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසිනි. 

මෙම කොවිඩ් 19 නිව්මෝනියා තත්ත්වයට පෙර ඇතිවන පෙනහළු සංකූලතාව '' ඇකියුට් ලිමිෆොසිටික් ඉන්ටස්ටීෂල් නිවුමෝ නයින්ටීස්'' ලෙස හඳුන්වනු ලබනවා. මෙම පෙනහළු සංකූලතා ආරම්භවන පළමු අදියරේදීම හඳුනාගත හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා පවසන්නේ. 

''මෙම නියුමෝ නයින්ටීස් රෝග තත්ත්වයේ දී සිදුවන්නේ පෙනහළු ගර්තවල සෛල විනාශවීමයි. පෙනළු ගර්ත බිත්ති සෛල විනාශ වීමේ දී ගර්ත බිත්ති විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය වී ඒවා මිය යනවා. ඒ නිසා එම සෛල ගර්ත ඇතුලට කඩා වැටීම සිදුවනවා. එමඟින්  ''හයලයින් මෙම්බ්‍රේන් ෆෝමේෂන්'' තත්ත්වය ඇතිවනවා. මෙම තත්ත්වය කොවිඩ් වෛරසය ආසාදනය වී දින 5ත් 7ත් කාලය තුළ දැක ගත හැකිවනවා. එය දින 10ක් පමණ දක්වා වුවද පැවතිය හැකියි.  මෙය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම නිසා පෙනහළු තුළ සිදුවන ආරම්භක සංකූලතාව වන අතර මෙම වෛරසය ආසාදනය වී මිය යෑමට මෙයද හේතුවක් වී තිබෙනවා. එම සංකූලතාව ගැන ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා තුරු එය කොවිඩ් 19 හේතුවෙන් සිදුවන මරණවලට හේතුවක් බව ලොව කිසිදු රටක හඳුනාගෙන තිබුණේ නැහැ. 

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට හැරෙන්නේ මෙම සංකූලතාවයෙන් පසුවයි. මෙම කොවිඩ් 19 වෛරසය ආසාදනය වළක්වා ගැනීමට දේශීය වෛද්‍ය උපදෙස් වලට හැකි නමුත් රෝගය වැළඳීමෙන් පසුව දැනට ප්‍රතිකාර කල හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පමණයි.''

විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu