gossiplanka alexa ටෝකියෝවේ හදිසි තත්ත්වයක්, ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ටෝකියෝවේ හදිසි තත්ත්වයක්, ඔලිම්පික් උළෙල ප්‍රේක්ෂකයින්ට තහනම්

පානයේ ටෝකියෝ අගනගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.  ඒ එළඹෙන ජූලි 23 වන දින ඔලිම්පික් උළෙල ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ කිරීමට නියමිතව ඇති තත්ත්වයකදීයි. 

ටෝකියෝ නුවරට මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගැනීම හේතුවෙන්. රට තුළ කොරෝනා ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවෙහි අඩුවක් පෙන්නුම් කළත් පෙරේදා වන විට ජපානයේ අළුතින් කොරෝනා ආසාදිතයින් 2,180 ක් වාර්තා වී තිබුණා. ඉන් 920 දෙනෙකුම වාර්තා වී ඇත්තේ ටෝකියෝ අගනුවරින්. ඒ අනුව ජූලි 12 වනදා සිට අගෝස්තු 22 වනදා දක්වා මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මකයි. 

මේ අතර ජූලි 23 සිට අගෝස්තු 08 දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල නරඹන්නන් නොමැතිව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. . ඔලිම්පික් උළෙල කල් දැමීමට හෝ අවලංගු කිරීමට මේ වන විටත් පුළුල් විරෝධතාවයක් එල්ල වී ඇතත් ඉතා සීමිත ආකෘතියක් යටතේ මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතයි. ඔලිම්පික් සංවිධායකයින් ප්‍රවේශපත් මිලදී ගත් සියලු දෙනාට කණගාටුව ප්‍රකාශ කර ඇති අතර ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා උළෙල පැවැත්වීම හද කම්පාකරන කරුණක් බව පවසනවා. 

ඔලිම්පික් උළෙලට සමගාමීව පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා. 

ජපානය මේ වන විට රටවල් 159ක විදෙස් සංචාරකයින්ගේ පැමිණීම තහනම් කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu