gossiplanka alexa කරුණු තුනක් හේතුවෙන් ඉදිරි කාල සීමාවේ ලංකාව දැඩි අවදානමක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කරුණු තුනක් හේතුවෙන් ඉදිරි කාල සීමාවේ ලංකාව දැඩි අවදානමක

මෙරට තුළ ඉදිරි කාල සීමාව කරුණු තුනක් නිසා ඉතාමත්ව අවදානමට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඉන් ප්‍රධානම කරුණ වන්නේ කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තව පැවතීමයි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිතයින්ගේ මෘත දේහ සම්බන්ධව සහ නිරෝධායනය සම්බන්ධව නිකුත් කර ඇති චක්‍රලේඛය හේතුවෙන්, ආසාදිතයින් යටපත්වීමක් සිදුවීම මෙන්ම සංචරණ සීමා ඉවත් කිරීම නිසා මහජනතාව වගකීමකින් තොරව හැසිරීම එහි දෙවැනි කරුණ ලෙස ඔවුන් පෙන්වා දෙනවා. 

සංචරණ සීමා ඉවත් කර රට විවෘත කිරීමෙන් පසු පළාත් සංචරණ සීමා පනවා තිබුණ ද මේ වන විට සංචරණ සීමා කිරීමක් හෝ පරීක්ෂා කිරීමක් විධිමත් පරිදි සිදු නොවීම අනෙක් කරුණ වනවා. 

ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රහේදය මේ වන විට ලංකාවේ ප්‍රදේශ කිහිපයකින්ම හමුවී තිබෙන බැවින් ද එම ප්‍රභේදය ඉතාමත් මාරාන්තික බැවින් ද පළාත් සංචරණ සීමා විධිමත්ව ක්‍රියාත්මක කල යුතු බව ඔවුන් පෙන්වා දෙනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදයේ ඇති භයානකකම තේරුම් නොගෙන අවදානම නොතකා ජනතාව නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් ඩෙල්ටා ආසාදිතයින් බොහොමයක් සමාජය තුළින් හමුවීමට ඉඩ ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ මහතා අනතුරු අඟවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu