gossiplanka alexa කොළඹ නගරයට පැමිණෙන වාහනවලට විශේෂ ස්ටිකරයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ නගරයට පැමිණෙන වාහනවලට විශේෂ ස්ටිකරයක්

special sticker for vehicleකොළඹ නගරයට ඇතුල්වන වාහන සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. කොළඹ නගරයට පිවිසෙන මාර්ග ආශ්‍රිත ගම්පහ, පානදුර, නුගේගොඩ, ගල්කිස්ස හා වත්තල යන ස්ථාන ‍රැසකින් කොළඹ නගරයට ඇතුළුවන වාහන සඳහා මෙම විශේෂ ස්ටිකරය ලබා දීමට කටයුතු කරනු ඇති. 

මෙම ස්ටිකරය එක් දිනක් සඳහා පමණක් වලංගුවන අතර එකම වාහනයක් නැවත නැවත පරීක්ෂා කිරීමට හේතුවන නිසා මෙම ක්‍රමවේදය භාවිතා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන්නේ. 

අත්‍යාවශ්‍ය සේවා සඳහා පැමිණෙන වාහන දැඩි පරීක්ෂාවට ලක් කර එක් ස්ථානයක දී අදාළ ස්ටිකරය අලවන අතර එම ස්ටිකරය ඇලවීමෙන් අනතුරුව එදිනට පමණක් එම වාහනයට ගමන් කිරීමේ අවසර පවතිනවා. නැවත අනෙක් දිනයේ දී භාවිතා කරන්නේ වෙනත් ස්ටිකරයකි. 

අත්‍යාවශ්‍ය සේවාවල සාමාජිකයින්ගේ යම් ආකාරයක ප්‍රමාදයක් සිදුවන බවට ලැබුණු පැමිණිලි පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මෙම ස්ටිකර ක්‍රමය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් විශේෂ අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එසේ ස්ටිකර අලවා ඇති වාහන ද නැවත පරීක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසනවා. 

කොළඹ නගරයට හා කොළඹ දෙසට පැමිණෙනේ නම් සත්‍ය හා නිවැරදි තොරතුරු තොරතුරු ලබා දෙන ලෙස සහ එසේ කිරීමෙන් එක් ස්ථානයක දී පමණක් වාහන පරීක්ෂා කිරීමට ලක්වන බවත් එසේ නොවුනහොත් අඛණ්ඩව වාහන පරීක්ෂා කිරීමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu