gossiplanka alexa ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ කොවිඩ් වසංගතය දරුණුයි, නිවැරදි දත්ත නොදීම හේතුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ කොවිඩ් වසංගතය දරුණුයි, නිවැරදි දත්ත නොදීම හේතුවක්

srilanka in danger without accurate dataන්දීය ජනගහනයට සාපේක්ෂව මෙරට ජනගහනය සැසඳීමේ දී කොවිඩ් වෛරසය පැතිරයාමේ අවදානම හා මරණ සංඛ්‍යාව ඉන්දියාවට වඩා ඉතා ඉහළ අගයක පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ ඉහළ යන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හේතුවෙන් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවයි. 

එසේම දැනට පවතින සංචරණ සීමාවල පවතින අඩුපාඩු නිසා ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ද සභාපතිවරයා අවධාරණය කරනවා. 

සංචරණ සීමා පනවා ඇති කාලවලදී ජනතාවට අවශය ආහාර පානාදිය ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සේවාවන් නිසි ලෙස සැයයූයේ නම් සංචරණ සීමා පැනවීම තුළින් ජනතාව අපහසුතාවයට පත් නොවන බව ඒ මහතා පෙන්වා දෙනවා. එය රජය විසින් කළ යුතු ක්‍රියාමාර්ගයක් බවත් සභාපතිවරයා පවසනවා. 

දැනට පවතින සංචරණ සීමා කිසිසේත්ම ඉවත් නොකළ යුතු බවත් අවදානම් තත්ත්වය පිළිබඳ සලකා බලා අවශ්‍ය පිඅයවර ගන්නා ලෙසත් එම සංගමය විසින් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබෙනවා. 

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයෙන් දිගින් දිගටම නිවැරදි තොරතුරු ලබා නොදීම නිසා රට තුළ පනවා ඇති සංචරණ නීති ඉදිරියේ දී දීර්ඝ කරනවා ද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය පවසනවා. 

දත්ත ඉදිරිපත් කරන වසංගත රෝග විද්‍යා ඒකකයේ වෙබ් අඩවියේ සටහන් වන කරුණු සැක සහිත බවත් සක්‍රීය රෝගීන්ගේ අඩු වැඩි වීමේ ඉහළ අගයක් ප්‍රකාශවීම බරපතල සැක සහිත කරුණක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙනවා. 

ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය මත ලංකාවේ ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යෑම වැළැක්විය නොහැකි බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා. 

කොවිඩ් වසංගත රෝගය දිනෙන් දින ඉහළ යාම පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත්තේ වසංගත රෝග ඒකකය විසින් නිවැරදි දත්ත සෞඛ්‍ය අංශ වෙත ලබා නොදීම නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu