gossiplanka alexa දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කල විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

යස අවුරුදු එකොළහේ සිට දහ තුන දක්වා වූ පිරිමි දරුවන් සිව් දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත රක්වාන පොතුපිටිය ප‍්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම විදුහල්පතිවරයා වයස අවුරුදු 43ක අවිවාහක පුද්ගලයෙක් බවයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. 

අපයෝජනයට ලක් වූ පිරිමි දරුවන්ගේ හැසිරීමේ යම් වෙනසක් ඇතිවීම හේතුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් මේ පිළිබඳව තොරතුරු දරුවන්ගෙන් විමසා තිබෙනවා. එවිට එම දරුවන් පවසා ඇත්තේ විදුහල්පතිවරයා තමන්ට යම් ක්‍රියාකාරකම් සිදු කල බවත් එලෙස සිදු කරන ලෙස පැවසූ බවත් ය. 

දරුවන් අනාවරණය කළ කරුණු මත දෙමව්පියන් මේ සම්බන්ධයෙන් රක්වාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකකාර විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu