gossiplanka alexa පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

open school vaccine studentපාසැල් දරුවන්ගේ සුරක්ෂිතතාව පිළිබඳව ප්‍රමුඛතාව ලබා දෙමින් හැකි ඉක්මනින් පාසැල් විවෘත කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර් ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ. 

පාසැල් දරුවන්, අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා දළ වශයෙන් 279,020ක් වත් එන්නත් මාත්‍රා අවශ්‍ය වන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දමා ඇති නිසා මෙම කාලය තුළ දරුවන්ට සිදුවන හානි අවම කර ගැනීම සඳහා ගුරු ගෙදර, ඊ-තක්සලාව වැනි වැඩසටහන් ක්‍රියාත්මක වුවත් එවැනි මාර්ග ගත දුරස්ථ අධ්‍යාපනය පන්ති කාමරය තුළ ගුරුවරයා සමඟ සිදු කරන අධ්‍යාපනයට සතු‍ටුදායක විකල්පයක් නොවන බව අමාත්‍යවරයා පවසනවා. 

එන්නත්කරණ වැඩපිළිවෙල තුළින් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය මෙන්ම මවුපියන් තුළ විශ්වසය ගොඩනැඟීම ද සිදුවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා. එසේම සෞඛ්‍ය ආරක්ෂිතව පාසැල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමුව පවතිනවා. 

පාසැල් විවෘත කිරීමට ක්‍රමානුකූල පසුබිමක් සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‍රැස්වීමක දී මෙම කරුණු සාකච්ඡා වී තිබෙන අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ද සහභාගී වී තිබුණා. 

කෙසේ වෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පමණක් පාසැල් විවෘත කිරීම සිදු කළ යුතු බව මෙහි දී තීරණය වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu