gossiplanka alexa ඔන්ලයින් ක්‍රමය නිසා මානව හිමිකම් පැමිණිල්ලක්, අධ්‍යාපනයට රූපවාහිනි නාලිකා විස්සක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඔන්ලයින් ක්‍රමය නිසා මානව හිමිකම් පැමිණිල්ලක්, අධ්‍යාපනයට රූපවාහිනි නාලිකා විස්සක්

ක්ෂ හතළිස් තුනක් වන පාසැල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට දරුවන්ට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නැති ලෙස පවසමින් ලංකා ගුරු සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය, රජය මුල් වී සිදුකරන මාර්ගගත අධ්‍යාපන ක්‍රමය වෙනුවට සියළුම දෙනාට අධ්‍යාපනය ලැබිය හැකි ඵලදායී ක්‍රමයක් ක්‍රියාත්මක කන ලෙස ගුරු සංගමය යෝජනා කරනවා. එසේම සිසුන් ගුරුවරුන් මවුපියන් පීඩාවට පත් නොවන මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම්ට නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. 

පාසැල් වැසීමත් සමඟම අධ්‍යාපන අමාත්‍යාංශය දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය (ඔන්ලයින්) සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති නමුත් බලධාරීන් මෙම ක්‍රමය සාර්ථක බව අඟවමින් මතයක් ගොඩනගමින් පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරනවා. 

සංඥා තත්ත්වය, ඩේටා ලබා ගැනීම, මවුපියන් ඔන්ලයින් අධ්‍යාපනය සමඟ පත්ව ඇති තත්ත්වය ඇතුළු කරුණු ‍රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට යොමුකල පැමිණිල්ලෙන් දැනුවත් කර තිබෙනවා. 

මේ අතර එන්නත්කරණයට ප්‍රමුඛතාවය ලබා දෙමින් පාසැල් ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව පවතිනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව පාසැල් විවෘත කිරීම සඳහා විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

එසේම රූපවාහිනි නාලිකා 20ක් ඔස්සේ දරුවන්ට නිවසේ සිට අධ්‍යාපනය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu