කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ වැඩබිමක සේවය කළ පුද්ගලයින් තිදෙනෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා. මේ වන විට එම වැඩබිමේ සේවකයින් 328 දෙනෙකු කොවිඩ් පරීක්ෂණයට යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ. එම වැඩ බිමේම සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව පසුගිය 28 වනදා සොයා ගැනීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. ඒ අනුව මෙම ආසාදිතයින් තිදෙනා ඊයේ (29) හඳුනාගනු ලැබුවා. පළමුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතව හමුවූ පුද්ගලයා කහතුඩුව පොල්ගස්ඕවිට පදිංචිකරුවෙක්.
පසුගිය 22 වෙනිදා මාදිවෙල ප්‍රගතිපුර කාන්තාවකට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බව සොයා ගැනීමත් සමඟම ඒ ඔස්සේ ඇයගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ පරීක්ෂණවලින් මෙසේ අනෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
මේ අතර, සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් අනාරක්ෂිතව කටයුතු කළහොත් ඉදිරි සති 10 ඇතුලත මෙරට තුල ප්‍රධානම කොවිඩ් වෛරසය ''ඩෙල්ටා ප්‍රභේදය''වීමට ඉඩ ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු අඟවනවා.

