gossiplanka alexa නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවීම කලින් දැනුම් දුන් ඊ-මේල් පණිවිඩය මකා දමලා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවීම කලින් දැනුම් දුන් ඊ-මේල් පණිවිඩය මකා දමලා

Deleat e-mail of xpress perl chemical leakසුගියදා ගිනි ගැනීමෙන් විනාශ වී ශ්‍රී ලංකා මුහුදු කලාපයට විශාල හානියක් සිදු කල එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් කාන්දුවීමක් සිදුවන බව එහි කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පෙර සිට දැනුවත්ව සිටි බව අනාවරණය වී තිබෙනවා. 

එම නෞකාව ගිනි ගැනීමට ලක් වූ පසුගිය 20 වනදායින් දින 10කට පමණ පෙර සිට එහි නයිට්‍රික් ඇසිඩ් කාන්දුව පිළිබඳ නැවේ කාර්ය මණ්ඩලය දැන සිටි බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දුන්නා.

නැවේ කපිතාන්වරයා විසින් නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් සිදුවන බව එම නැව් සමාගමේ දේශීය නියෝජිත ආයතනය වෙත දැනුම් දී තිබෙනවා. එම රසායනික ද්‍රව්‍ය කාන්දුව නිසා නැව ගිනි ගැනීමට ලක්විය හැකි බව ද කපිතාන්වරයා එහිදී පෙන්වා දී තිබෙනවා. ඔහු මේ බව දේශීය නියෝජිතවරයාට දන්වා ඇත්තේ විද්‍යුත් තැපැල් පණිවිඩයක් මඟින්. 

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ දේශීය සමාගම විසින් එකී විද්‍යුත් පණිවිඩය මකා දමා විමර්ශනවලට අවශ්‍ය සාක්ෂි හිතාමතාම වසන් කර ඇති බවයි. 

එසේ නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම වසන් කල දේශීය නියෝජිත ආයතනය නෞකාව අනතුරුදායක තත්ත්වයක නොමැති සුරක්ෂිත තත්ත්වයේ පවතින බවට පෙන්වා දේශීය මුහුදු සීමාවට ඇතුල් වීමට අවසර ගෙන තිබෙනවා. නැවේ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් ඇති බවට මුල්වරට කොළඹ වරාය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ පසුගිය 20වැනිදා උදෑසන 10ට පමණය. 

එම නිසා අදාළ දේශීය නියෝජිත ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වන අර්ජුන හෙට්ටිආරච්චි සහ සහකාර කළමනාකාර සංජීව සමරනායක ඇතුළු හත් දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඔවුන් අධිකරණයට කැඳවන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ඉදිරි විමර්ශන සඳහා බවට අධිකරණය හමුවේ සනාථ නොකිරීම එයට හේතුවයි. එවැනි චෝදනා වලට එරෙහිව පවරන නඩු විභාගවලට බලය ඇත්තේ මහාධිකරණයටය. 

කෙසේ වෙතත් නැවෙන් සොයා ගත් දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට අධිකරණය අවසර දී තිබෙන අතර නෞකාවට ආරක්ෂාව සැපයීමට නාවික හමුදාපතිරයාට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා. 

එම නඩුව ලනබ 15 වනදා යලි කැඳවීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu