gossiplanka alexa කොළඹට පැමිණි දහස් ගණනක් අත්‍යාවශ්‍ය සේවකයින්ගේ තොරතුරු සොයා පොලිස් මෙහෙයුමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹට පැමිණි දහස් ගණනක් අත්‍යාවශ්‍ය සේවකයින්ගේ තොරතුරු සොයා පොලිස් මෙහෙයුමක්

police operation to employees researchසංචරණ සීමා පවතින කාලසීමාවේ දී අත්‍යාවශ්‍ය සේවාවලට සම්බන්ධ පුද්ගලයින්ට ඔවුන්ගේ කාර්යාල ප්‍රධානියා නිකුත්කළ ලිපිය සහ රාජකාරි හැඳුනුපත සහිතව රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ තත්ත්වය යටතේ අද දින බොහෝ පිරිසක් කොළඹ නගරයට පැමිණ ඇති බව වාර්තා වනවා. 

රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පවසා සිටින්නේ මෙලෙස පැමිණි පුද්ගලයින් පරීක්ෂා කිරීමේ දී ඇතැම් අය ඉදිරිපත් කල ලිපි නිකුත් කිරීම අක්‍රමවත්ව සිදු කර ඇති බවට පෙනී ගොස් ඇති බවයි. 

මේ හේතුව නිසාම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් එලෙස ඉදිරිපත් කළ අහඹු ලෙස ‍‍තෝරාගත් ලිපිවල ඡායාරූප ලබාගෙන තිබෙනවා. එම ඡායාරූප හරහා එම පුද්ගලයින් නිශ්චිත වශයෙන්ම රාජකාරී සඳහා වාර්තා කර තිබේද යන්න සොයා බැලීමට විශේෂ පොලිස් මෙහෙයුමක් දියත් කර ඇති බව පැවසෙනවා.  එම පුද්ගලයින් අද දිනයේ රාජකාරියේ යෙදී සිටියේ ද නැද්ද යන්න ගැන එහිදී සොයා බලනු ඇති. 

යම්හෙයකින් යම් පුද්ගලයෙන් රාජකාරියේ යෙදී සිටියේ නැත්නම් හෝ එම පුද්ගලයා රාජකාරියට කැඳවීමක් කර තිබෙන්නේ නැත්නම් අදාළ ලිපිය නිකුත් කල තැනැත්තා කූට ලේඛණ සැකසීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. 

එසේම ලිපිය ඉදිරිපත් කරමින් සේවයට යන බව පවසා අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාවට අදාළ සේවකයාට ද නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර් ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu