gossiplanka alexa විකෘති කොවිඩ් ප්‍රභේදය ශරීර ප්‍රතිශක්තිය අභිබවා යයි, ලොව විශාලම එන්නත් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැර යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විකෘති කොවිඩ් ප්‍රභේදය ශරීර ප්‍රතිශක්තිය අභිබවා යයි, ලොව විශාලම එන්නත් සමාගමේ ප්‍රධානියා ඉන්දියාව හැර යයි

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් ඉන්දීය රජයට උපදෙස් ලබා දීමට පත් කළ විශේෂඥ කමි‍ටුව ඉන්දියාවේ පැතිරයන කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් නවතම ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදයන් හි විකෘතිභාවයන් පෙන්නුම් කරන බවත් එය මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිය අභිබවා යෑමක් දක්නට ලැබෙන බවත් ය. 

ඉන්දියාවේ ජනතාවගෙන් B.1.617 නම් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින්ගේ ජෛව සාම්පල් නියැදි පරීක්ෂාවකින් පසුව  මෙම තත්ත්වය අනාරවරණය කරගෙන තිබෙනවා. 

මේ අතර ඉන්දියාවේ සීරම් ඉන්ස්ටියුට් හි ප්‍රධාන විධායක නිලධාරී Adar Poonawalla ඉන්දියාවෙන් පිටත්ව එංගලන්තයට ගොස් තිබෙනවා.  සීරම් ඉන්ස්ටියුට්  යනු ලොව විශාලතම එන්නත් නිපදවීමේ ආයතනය වනවා. තමන්ට  ඉන්දියාවේ දේශපාලඥයින් සහ බලවත් පුද්ගලයින් කොවිඩ් මර්ධනය සඳහා යොදා ගනු ලබන කොවිශිල්ඩ් එන්නත ලබා දෙන ලෙස ඉල්ලමින් තර් ජන සිදු කරන බවත් සියලු වගකීම් සියල්ලම තමන්ගේ උරහිස මතට වැටී තිබෙන බවත් ඔහු බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණා. 

මේ හේතුව නිසා කොවිෂිල්ඩ් එන්නත ඉන්දියාවෙන් පිට වෙනත් ස්ථානයක නිපදවීමට පියවර ගන්නා බවයි ඔහු පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu