ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීමට යුරෝපානු ඖෂධ ඒජන්සියේ අනුමැතිය

covid vaccine approved for childrenවයස අවුරුදු 12ට වැඩි ළමුන්ට කොරෝනා මර් දන එන්නත ලබා දීම මේ වන විටත් අමෙරිකාව සහ කැනඩාව යන රටවල්වල සිදු කරනු ලබනවා. මෙම රටවල් අතරට අද ජර්මනියද එක්වුණා. 

ෆයිසර් බයෝඑන් ටෙක් එන්නත වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන් සඳහා ලබා දීමට යුරෝපානු ඖෂධ ඒජන්සියේ අනුමැතිය ලැබීමත් සමඟම ජර්මනිය මෙම වැඩ පිළිවෙලට එක් වී තිබෙනවා. 

 ඒ අනුව ජූනි මස 07 වන දින සිට ජර්මනියේ වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබා දීමට නියමිතයි. 

වයස අවුරුදු 16ට වැඩි ළමුන්ට කොරෝනා මර්දන එන්නත ලබා දීම යුරෝපානු සංගමයෙන් මේ වන විටත් අනුමත කර අවසන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu