gossiplanka alexa ඇසිඩ් වැසි ඇතිවීමේ අවදානම පිළිබඳ දැනුවත් කිරීමක්, වැසිවලට නිරාවරණය නොවන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇසිඩ් වැසි ඇතිවීමේ අවදානම පිළිබඳ දැනුවත් කිරීමක්, වැසිවලට නිරාවරණය නොවන්න

ක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් වායුගෝලයට මුසු වූ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නිසා ඉදිරියේ දී කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල 'අම්ල වැසි' ඇති වීමේ අවදානමක් පවතින බව අනාවරණය කෙරුණා. 

වායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමඟ මිශ්‍රවීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් ''ඇසිඩ් වැසි'' ඇතිවන අතර මේ අවදානම හඳුනාගැනීම සඳහා තාක්ෂණික වාර්තාවක් කැඳවීමට ද පියවර ගෙන තිබෙනවා. 

එම අම්ල වැසිවලට නිරාවරණය වුවහොත් සමෙහි කැසීම්, රතුවීම් වැනි ආසාත්මිකතා ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිවරිය පවසනවා. එසේම එම නෞකාවෙන් පාවී ආ භාණ්ඩ එකතු කල පුද්ගලයෙන්ගේ ශරීරවලද කැසීම්, හම ගැලවීම් වැනි ආසාත්මිකතා ඇති වී තිබෙන බවට තොරතුරු අනාවරණය වනවා. මෙම වැසිවල පවතින ආම්ලික තත්ත්වය නිසා ලෝහ භාණ්ඩවලට දැඩි හානි සිදුවීමට ඉඩ ඇති බැවින් රථවාහන ආදිය හැකි තරම් ආවරණය කර තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සභාපතිවරිය ජනතාව දැනුවත් කර සිටිනවා. 

කෙසේ වෙතත් මෙම ආම්ලික වැසි හේතුවෙන් ගංගා, ළිං, ඇළ, ඩොළ සහ ජලාශවලට සිදු විය අහෙකි හානිය පිළිබඳව ප්‍රකාශ කල හැකිවන්නේ මේ සම්බන්ධයෙන් සිදු කරන තාක්ෂණික ක්‍රමවේදයකින් පසුව බව ද සභාපතිවරිය වැඩි දුරටත් පවසා සිටිනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu