gossiplanka alexa ආගමික නායකයෙක්ගේ අවමගුල නිසා ඉන්දියාවේ තවත් කොවිඩ් පොකුරු - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආගමික නායකයෙක්ගේ අවමගුල නිසා ඉන්දියාවේ තවත් කොවිඩ් පොකුරු - VIDEO

covid-clusters-india-funeral-gossiplanka.com
න්දියානු ජනතාව අතර ගෞරවයට පාත්‍ර වූ ඉස්ලාමීය පූජකයෙක් වන කාසි හස්රත් අබ්දුල් හමීඩ් මොහොමඩ් සලිමුල් කද්රි පසු ගිය ඉරිදා මිය ගිය අතර ඔහුගේ අවමංගල්‍යය ඉන්දියාවේ අළුත් කොවිඩ් පොකුරු ඇති කිරීමට හේතු වී තිබෙනවා. 

ඒ ඔහුගේ අවමංගල්‍යයට සිය දහස් ගණන් ජනතාව ‍රැස්වීම හේතුවෙන්. ඔහුගේ මරණය සැලවීමත් සමඟම ඇඳිරි නීතිය, පොලිස් බාධක හෝ මාර්ග මුරපොලවල් නොතකා මිනිසුන් අවමංගල්‍යයට සහභාගී වී තිබෙනවා. පසුගිය ඉරිදා උත්තර් ප්‍රදේශ් හි වත්මන් අගුළු දැමීම මැයි 17 දක්වා දීර්ඝ කර තිබූ පසුබිමක මෙසේ ජනතාව ඒකරාශී වී තිබෙනවා. 

මෙහිදී බලධාරීන්ද සිය වගකීම් මග හරිමින් කටයුතු කර ඇති බව මාධ්‍ය චෝදනා එල්ල කරනවා. 

කෙසේ වෙතත් ප්‍රාදේශීය පොලීසිය අවමංගල්‍යයට සහභාගී වූ 'නාදුනන පුද්ගලයන්ට' එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙන අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය අගුලු දා තිබියදීත් ඇති වූ මෙම සිද්ධිය පිළිබඳ ඔවුන් පරීක්ෂණ පවත්වනවා. 

තමන්ගේත් සෙසු ප්‍රජාවගේත් වළ සියතින්ම කපා ගැනීමක් ලෙස මෙම සිද්ධිය වසංගත රෝග පිළිබඳ විශේෂඥයින් අර්ථ දක්වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu