kuwait-ban-srilanka-airline-gossiplanka.com
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල් කිහිපයකින් පැමිණෙන ගුවන් යානා අත් හි‍ටුවීමට කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ශ්‍රී ලංකාව, පකිස්තානය, බංගලාදේශය සහ නේපාලයෙන් පැමිණෙන සංචාරකයින් සිය රටට ඇතුළු වීම කුවේට් රාජ්‍ය විසින් තාවකාලිකව තහනම් කර තිබෙනවා. 

පවතින කොවිඩ් වසංගත්ත තත්ත්වය හමුවේ කුවේට් රජය මෙම තීරණය ගත් බවයි විදෙස් මාධ්‍ය වාර් තා කරන්නේ.