gossiplanka alexa පැය හතරකට වරක් රෝගීන් දහසක් හමුවීමේ අවදානමක්, වහාම පියවර ගත යුතු බවට අනතුරු ඇඟවීම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැය හතරකට වරක් රෝගීන් දහසක් හමුවීමේ අවදානමක්, වහාම පියවර ගත යුතු බවට අනතුරු ඇඟවීම්

Risk of meeting a thousand patients every four hours
සෑම පැය 6කටම වරක් කොවිඩ් ආසාදිතයින් සඳහා ඇඳන් දහසක් වෙන් කිරීමේ අභියෝගයක් ඇති වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

කෙසේ වෙතත් තත්ත්වය මේ ආකාරයෙන් පැවතුණහොත් පැය 4කට වරක් කොවිඩ් ආසාදිතයින් සඳහා ඇඳන් 1000ක් වෙන් කිරීම සිදුවීම වැළැක්විය නොහැකි බව ඔවුන් අනතුරු අඟවනවා. 

මෙසේ සීඝ්‍රයෙන් පැතිරයන කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තම සංගමය ඇතුළු විශේෂඥ වෛද්‍යවරු ඉදිරිපත් කළ යෝජනා වසංගත රෝග විද්‍යා අංශය සැලකිල්ලට නොගෙන ක්‍රියාකිරීම නිසා රට පුරා කොවිඩ් වසංගතය පැතිරයාමේ අවදානම ඉහළ ගොස් ඇති බව රජැය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

ඒ හේතුවෙන් අඛණ්ඩව දින 14ක් සංචරණ නීති පැනවිය යුතුව ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටිනවා. 

සංචරණ සීමා පැනවීමෙන් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම 80%-90% අතර ප්‍රමාණයකින් ඇති කිරීමට හැකියාව පවතින බවත් එමඟින් වසංගතය සති හතරක පමණ කාලයක් තුළ කිසියම් පාලනයකට නතුකර ගත හැකි වන බවත් ලේකම්වරයා වැඩි දුරටත් පවසනවා. 

එසේ නොකලහොත් කොවොඩ් පාලනය සම්පූර් ණයෙන් ගිලිහී ගොස්  සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයක් ඇති වන බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu