gossiplanka alexa පාම් ඔයිල් වහාම තහනම් කෙරේ, දේශීය පොල්තෙල් කර්මාන්තය පෙරට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාම් ඔයිල් වහාම තහනම් කෙරේ, දේශීය පොල්තෙල් කර්මාන්තය පෙරට

හාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.

දැනට ආනයනය කර ඇති  පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති අතර මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා.

මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අතිගරු ජනාධිපතිතුමා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇති බව සඳහන්. මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට  ජනාධිපතිතුමා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරයි.

දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ පාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.

පාම් ඔයිල් මෙසේ ආනයනය කිරීම නතර කිරීමට ගත් තීරණය හේතුවෙන් මෙරට පොල්තෙල් ව්‍යාපාරයට තවත් ව්‍යාපාරිකයින් එකතුවනු ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එමඟින් පොල්තෙල් කර්මාන්තය නගාසි‍ටුවීමට ද හැකියාව ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu