gossiplanka alexa විනෝද චාරිකාවක් නිසා දිවුලපිටියෙන් කොවිඩ් ‍රැල්ලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විනෝද චාරිකාවක් නිසා දිවුලපිටියෙන් කොවිඩ් ‍රැල්ලක්

ලුත්නුවර ප්‍රදේශයේ විනෝද චාරිකාවකට සහභාගී වූ පුද්ගලයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
 
මෙම පුද්ගලයින් ගම්පහ, දිවුලපිටිය මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන්. සිදු කල පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ පුද්ගලයින් 44දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. ඔවුන්ගේ ආශ්‍රිතයින් 162කු සඳහා පී.සී.ආර් පරීක්ෂණ  සිදු කර තිබෙනවා.

එසේම ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. ඒ 171ක් ලෙසින්. කුරුණෑගල දිස්ට්ත්‍රික්කයේ වැල්ලව ගනේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100ක්ද කුලියාපිටියෙන් ආසාදිතයින් 59ක් ද කුරුණෑගලින් ආසාදිතයින්10 දෙනෙක් ද වාර්තා වී තිබෙනවා.

මීට අමතරව තවත් ප්‍රදේශ ගණනාවකින්ම ආසාදිතයින් ඊයේ (21)දිනයේ දී හමුවුණා.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 බැගින්
පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක්
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්
ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32ක්
අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 18 දෙනා බැගින්
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13ක් වාර්තා වී තිබෙනවා.

එසේම යාපනයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙන අතර යාපනයේ පොලිස් ස්ථාන හරහා කොරෝනා ආසාදිතයින් වැඩි වීමේ ප්‍රවණතාවක් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu