gossiplanka alexa කොවිඩ් වෛරසයට එරෙහිව පෙත්තක්, 2021 අවසන් වීමට පෙර ජනතාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් වෛරසයට එරෙහිව පෙත්තක්, 2021 අවසන් වීමට පෙර ජනතාවට

යිසර් ඖෂධ සමාගම කොවිඩ් ආසාදනය වැළැක්වීමේ පෙති වර්ගයක් පරීක්ෂාවට ලක් කරමින් සිටින බව වාර්තා වනවා. 

අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ රටවලින් ඉදිරිපත් වූ ස්වේච්ඡා සේවකයින් ආශ්‍රයෙන් මෙම පරීක්ෂණ සිදු කරනවා. 

කොවිඩ් මර්දනය සඳහා එන්නත් වෙනුවට යොදාගත හැකි පළමු ඖෂධය මෙය වන අතර එම ඖෂධය 2021 අවසානය වීමට පෙර ජනතාවට ලබා ගත හැකිවනු ඇති බවයි ෆයිසර් සමාගම නිවේදනය කරන්නේ. 

PF-07321332 නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිවෛරසයේ දරුණු අතුරු ආබාධ නොමැති වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. මෙම පරීක්ෂණවල පළමු අදියර ලබන මාසයේ අවසන් වීමට නියමිතයි. 

මේ වන විට සාර්ථක ප්‍රතිඵල දක්වා ඇති කොවිඩ් එන්නත නිපදවීමට ෆයිසර් සමාගමට ගතවූයේ වසරක් වැනි කාලයක්. කෙසේ වෙතත් මෙම ඖෂධය සාර්ථක වුවහොත් රටවල් වසා දැමීමේ අවශ්‍යතාවය අවසන් වනු ඇති බව ෆයිසර් සමාගම තම නිවේදනයේ වැඩි දුරටත් දක්වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu