gossiplanka alexa නව කොවිඩ් ප්‍රභේදය ඉතා භයානකයි, ඉදිරි සති දෙක අතිශය තීරණාත්මකයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොවිඩ් ප්‍රභේදය ඉතා භයානකයි, ඉදිරි සති දෙක අතිශය තීරණාත්මකයි

පැතිරයමින් පවතින, කොවිඩ් නව ප්‍රභේදය වැඩි වශයෙන් තරුණ ප්‍රජාව අතර අවදානම් සහිත සංකූලතා මතු කරමින් සීඝ්‍රයෙන් පැතිරයන භයානක වෛරසයක් බවත් මෙය ආශ්වාස කරන වාතයෙන් පවා ශරීරගත විය හැකි බැවින් අතිශය තීරණාත්මක අවධියක් කරා රට ගමන්කරමින් සිටින බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙනවා.

මෙරට මේ වන විට පැතිර යන වෛරසය වෙනස්කම් රාශියක් සමඟ ඇති වූ නව ප්‍රභේදයක් බවත් තරුණ අයට ද මෙම නව වෛරස් ප්‍රභේදය ආසාදනය වුවහොත් දරුණු සංකූලතා ඇති විය හැකි බවත් අනාවරණය වී තිබෙනවා.

එසේම කෙළ බිඳිතිවලට අමතරව වාතය හරහාත් වෛරසය ශරීරගත වන බව අධ්‍යයනවලදී හෙළි වී තිබෙන බැවින් සෑම විටම මුඛ ආවරණ නිවැරදිව පැළඳ සිටීම අනිවාර්ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. වෛරසය ආසාදිත වූවන්ගේ කෙළ බිඳිති එක්වූ වාතය නිරෝගී අයෙකු ආශ්වාස කළ විටදී පවා වෛරසය ශරීරගත වීමේ ප්‍රවණතාවයක් මතු වී තිබෙනවා. එම නිසා බොහෝ දෙනා එක් ‍රැස්වන ස්ථානවල වාතයේ වැඩි වෛරස් සාන්ද්‍රණයක් පැවතිය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. 

මින් පෙර මෙරට දී හඳුනාගත් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක්ගෙන් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට බෝවීමේ හැකියාව තිබුණත් නව වෛරස් ප්‍රභේදය පුද්ගලයින් පස් හය දෙනෙකුට බෝවීමේ හැකියාවක් පවතිනවා. මෙම නව වෛරස් ප්‍රභේදය කුමක්ද යන්න ඉදිරියේ දී නිශ්චිතවම අනාවරණය කළ හැකිවනු ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේදී හා අනුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මාහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසනවා.

නව ප්‍රභේදය සුනාමියක් සේ පැතිරයන ප්‍රභේදයක්දැයි සැක සහිත නිසා මෙය අතිශය තීරණාත්මක මොහොතක් බැවින් ජනතාව දැඩි අවධානයකින් මේ අවස්ථාවේ ක්‍රියාකල යුතු බවත් කිසිදු ආසාදිතයෙකුට නිවසේ දී මිය යාමට ඉඩ නොදෙන බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

නව ප්‍රභේදයට අනුව ආසාදිත වූවන්ට ශ්වසන අපහසුතා වැඩි වශයෙන් ඇතිවන නිසා දැඩි සත්කාර ඒකකවල වැඩි ඉල්ලුමක් පවතින බවත් ඉදිරි සති දෙක අතිශයින් තීරණාත්මක බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටිනවා. ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළහොත් තත්ත්වය වඩාත් ව්‍යාකූල වීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu