gossiplanka alexa හදිසියේ විවෘත වූ වෑන් රථයේ දොර නිසා පෙර පාසැල් දරුවෙක් ජීවිතක්ෂයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසියේ විවෘත වූ වෑන් රථයේ දොර නිසා පෙර පාසැල් දරුවෙක් ජීවිතක්ෂයට

ද (25) දහවල් සිදු වූ අවාසනාවන්ත රිය අනතුරකින් වැල්ලවායේ පෙර පාසැල් දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හංදියේ දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක දොර හදිසියේ විවර වීමෙන් අනතුර සිදුව ඇති බවත් අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා වැල්ලවාය මූලික රෝහලට කඩිනමින් ඇතුළුත් කරන අවස්ථාවේ දීත් දරුවා මිය ගොස් සිටි බවත් සඳහන් වනවා.

පරගහ ආරාව,ඌව කරදගොල්ල ඇල්ල ලිපිනයේ පදිංචි වයස අවුරුදු පහක් වන වනිගසූරිය මුදියන්සේලාගේ අනුහස් නැමැති දරුවා මෙසේ මියගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී අදාළ වෑන් රථය පෙර පාසැල් නිමවී නිවෙස් බලා ළමුන් ප්‍රවාහනය කරමින් තිබුණා.

මේ වන විට වැල්ලවාය පොලිසිය විසින් වැන් රථයේ රියදුරු  අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු හෙට (26) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu