gossiplanka alexa විදෙස්ගතව මෙරටට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාලය අඩු කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගතව මෙරටට පැමිණෙන්නන්ගේ නිරෝධායන කාලය අඩු කෙරේ

විදේශගතව පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
 
යම් පුද්ගලයෙකු විදේශගතව පැමිණ හෝටල් හි නිරෝධායනය වන්නේ නම් එම පුද්ගලයා පැමිණෙන දිනයේ දී සහ නැවත 07 වන දිනයේ දී පී.සී.ආර් පරීක්ෂාවකට ලක්වනවා. එසේ පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු ඒ වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07කින් පසුව ඔහුට හෝ ඇයට නිවෙස වෙත යාමට හැකියාව ලැබෙනවා.  එසේ නිවෙස වෙත ගිය පසු ඒ පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දිය යුතු අතර ඉතිරි දින 07ක කාලය නිවසේ නිරෝධායනය විය යුතුයි. 

එසේම විදෙස් ගතව පැමිණෙන අයෙක් සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථානයක් තුළ නිරෝධායනය වන්නේ නම් විදෙස් ගතව පැමිණෙන දිනයේ දී සහ පැමිණ දින 10කට පසුව පී.සී ආර් පරීක්ෂණයකට යොමු කරනු ලබනවා. එහි ප්‍රතිපල වාර්තා අනුව ඔවුන්ට නිවෙස් වෙත යාමට අවසර හිමිවන අතර ඉතිරි දින 04ක කාලය ඔවුන් තම නිවෙස් තුළ නිරෝධායනය විය යුතුයි.

මෙසේ නිවෙස් තුළ නිරෝධායනය වන පුද්ගලයින් යම් ශ්වසන රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් ඔවුන් වහාම ඒ පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu