gossiplanka alexa අන්තවාදීන්ට කෝටි ගණනක් මුදල් ලැබුණු ආකාරය ගැන තොරතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අන්තවාදීන්ට කෝටි ගණනක් මුදල් ලැබුණු ආකාරය ගැන තොරතුරක්

පෑලියගොඩ පොලීසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත ඩංගුවට ගත් මුස්ලිම් ජාතිකයෙකු විසින් කිසියම් අන්තවාදී ගිණුමකට රුපියල් ලක්ෂ 98,000ක් බැර කර ඇති බව හෙළිවීමත් සමඟ එම අන්තවාදී සංවිධානය හා ඊට සම්බන්ධ වූවන් සොයා ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය පුළුල් පරීක්ෂණ අරඹා තිබෙනවා. 

මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති පොලිස් නිලධාරින්ට මත්ද්‍රව්‍ය ජාල තුනක තොරතුරු අනාවරණය කර ගැනීමට වූ අතර මෙම ජාල තුනේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුදල් ලැබෙන්නේ පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට බවද අනාවරණය කර ගෙන තිබුණා.. 

ඔහුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේ දී මත්ද්‍රව්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වීමත් සමඟම ඩුබායි රාජ්‍යයේ සිට එම ගිණුමට කොටි ගණන් මුදල් බැර වී ඇති බව සොයාගෙන තිබෙනවා.

මුදල් ඔහුගේ ගිණුමට බැර වීමෙන් පසු 'ඩැන්ඩියල් ක්‍රමයට' හෝ වෙනත් ගිණුම්වලට එම මුදල් නැවත බැර කිරීමට ඩුබායි රාජ්‍යයේ සිටින මුස්ලිම් ජාතිකයෙකු ඔහුට උපදෙස් ලබා දෙන අතර ඒ වෙනුවෙන් ඔහුට ලක්ෂ ගණනින් මුදල් ගෙවා තිබෙනවා.

තව දුරටත් ගිණුම් පරීක්ෂා කිරීමේ දී එම මුදල් 'ඉස්ලාමික්' නමින් සඳහන් වන ගිණුමකට ද බැර වී ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර මත් ද්‍රව්‍ය සම්බ්බන්ධයෙන් අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා ගැන සිදු කළ දීර්ඝ විමර්ශන වල දී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වුණා. ඔහුගේ ගිණුමට බැර වූ මුදල් ඉස්ලාමීය අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ද යොදවා තිබෙන බැවින් වැඩි දුර විමර්ශනය සඳහා එම පුද්ගලයාව ත්‍රස්ත විමර්ශන ඒකකට භාර දී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu