Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

වැ‍ටුප් පිළිබඳව මතු වූ ගැටළුකාරී තත්ත්වයක් නිසා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වූ චමින්ද වාස් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළඹි එකඟතා අනුවයි.

චමින්ද වාස් මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වූයේ පසුගියදා ශ්‍රී ලංකා පිල කොදෙව් දූපත් බලා පිටත්ව යාමට පැය කිහිපයකට පෙරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී පන්දුයැවීමේ පුහුණුකරු ධුරය යළි භාර ගැනිමට චමින්ද වාස් මහතා තීරණය කර තිබෙනවා.

චමින්ද වාස් මහතා සමඟ ඇති කර ගත් නව කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේ දී පැවැත්වෙන විධායක කමි‍ටු ‍රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page