gossiplanka alexa බුර්කාව තහනම් කිරීමේ ලකුණු ? අන්තවාදී මත දරන්නන් පුනරුත්ථාපනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුර්කාව තහනම් කිරීමේ ලකුණු ? අන්තවාදී මත දරන්නන් පුනරුත්ථාපනයට

ගමික අන්තවාදීන් යම් පිරිසක් මුස්ලිම් කාන්තාවන් බුර්කාව පැළඳිය යුතු බවට වන සම්ප්‍රදාය ගෙන එමින් පසු ගිය දිනවල රට තුල යම් යම් ප්‍රකාශ සිදු කරනු ලැබුවා. 

ඒ පිළිබඳව අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයක් අද (15) දිනයේ දී බොහෝ දුරට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කරනු ඇති බවයි.

කාන්තාවක් සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි අඳින ඇඳුම මෙහිදී තහනම් වනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාවට තිබෙන තර්ජනය සැලකිල්ලට ගනිමින් බව ඔහු පවසනවා.

මීට අමතරව මෙරට තුළ ලියාපදිංචි නොවූ මද්‍රසා පාසැල් දහසකට අධික සංඛ්‍යාවක් පවතින බවත් එම පාසැල් වසා දැමීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබෙනවා.

එසේම රජය විසින් නොබෝදා නිකුත් කල ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ නියෝගයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයට අනුව අත්  අඩංගුවට ගන්නා පුද්ගලයින් පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කරන බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu