gossiplanka alexa නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව ආක්‍රමණය කිරීමේ අවදානමක, මර්ධනයට බ්‍රිතාන්‍යයෙන් නව පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව ආක්‍රමණය කිරීමේ අවදානමක, මර්ධනයට බ්‍රිතාන්‍යයෙන් නව පරීක්ෂණ

බ්‍රිතාන්‍යයෙන් හමු වූ කොවිඩ් වෛරස් ප්‍රභේදය අමෙරිකා එක්සත් ජනපදය තුළ ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව පෙන්සිල්වේනියාවේ සරසවි පර්යේෂකයින් විසින් සොයාගෙන තිබෙනවා. 
 
මුල් වෛරසයට වඩා අධික ව්‍යාප්තියක් මෙම වෛරස් ප්‍රභේදය පෙන්නුම් කරන බව හඳුනාගෙන තිබෙනවා. එම නිසා එරටින් හමුවන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දින 9ක් වැනි කාලයක දී දෙගුණයක් දක්වා වර්ධනය වී ඇති බවයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

B.1.1.7 covid ලෙස නම් කර ඇති මෙම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා එන්නත්කරණ වැඩසටහනට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් ඉදිරියේ දී ලොව ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙය වීමට ඉඩ ඇති බවත් අනාවැකි පළ වී තිබෙනවා.  

මේ අතර Pfizer සහ AstraZeneca යන කොවිඩ් එන්නත් දෙකම එක් පුද්ගලයෙකුට ලබා දීමෙන් වැඩි ප්‍රතිපලයක් ලබාගත හැකි ද යන්න පරීක්ෂා කිරීමට අත්හදාබැලීම් ව්‍යාපෘතියක් බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් ආරම්භ කර තිබෙනවා.

පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින්ද දෙවන මාත්‍රාව අනෙක් එන්නත් වර්ගයෙන් ද ලබා දීමට මෙහිදී පියවර ගනු ලබානවා.

mRNA මාදිලියට අයත් මෙම එන්නත් දෙවර්ගයම මේ වනවිට බ්‍රිතාන්‍ය තුළ භාවිතා වන අතර දැනට සිදු කෙරෙන්නේ එක් අයෙකු සඳහා අදාළ මාත්‍රා දෙකම එකම එන්නත් වර්ගයෙන් සති 6ක පරතරයක් ඇතුව ලබා දීමයි.

නව ක්‍රමය යටතේ පළමු මාත්‍රාව වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා දී සති 12කට පසු දෙවැනි එන්නත අනෙක් වර්ගයෙන් ලබා දීම සිදු කෙරෙනවා. මෙසේ එන්නත් වර්ගය වෙනස්කොට ලබාදීමෙන් ප්‍රතිශක්තිකරණයේ සිදුවන වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කිරීම පර්යේෂකයින්ගේ අරමුණයි.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu