gossiplanka alexa මංගල උත්සව, ප්‍රියසම්භාෂණ, අවමංගල උත්සවවලට පනවන නව රෙගුලාසි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල උත්සව, ප්‍රියසම්භාෂණ, අවමංගල උත්සවවලට පනවන නව රෙගුලාසි

ව කොවිඩ් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඊයේ (15) සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී මංගල උත්සව, අවමංගල උත්සව, ප්‍රියසම්භාෂණ ඇතුළු සියළුම උත්සව සඳහා ජනතාව ‍රැස් කිරීම දැඩි ලෙස සීමා කිරීමට තීරණය කර තිබෙනවා. 

වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ එම සාකච්ඡාවේ දී මංගල උත්සව සඳහා උපරිම වශයෙන් සහභාගී කරගත හැක්කේ 50 දෙනෙකු පමණක් බවත් අවමංගල්‍ය කටයුතු අවම පිරිසකගේ සහභාගිත්වයෙන් පැය 24ක් ඇතුළත සිදු කිරීමටත් තීරණය වූ බවයි. 

මීට අමතරව උපන්දින සාද, ප්‍රියසම්භාෂණ ඇතුළු ඕනෑම උත්සවයක් උපරිමය 50 ක් වන පරිදි සහභාගීත්වය සීමා කරන බවත් ඒ සෑම අවස්ථාවකදීම සෞඛ්‍ය උපදෙස් 100%ක් පිළිපැඳිම අනිවාර්ය බවත් රාජ්‍ය ඇමතිනිය අවධාරණය කර සිටිනවා.

එසේම රාත්‍රී සමාජ ශාලාවල, හෝටල්වල ප්‍රියසම්භාෂණ ඇතුළු ජනතාව ‍රැස්වන සියළු ම උත්සව සඳහා පෙර පැවති මාර්ගෝපදේශ මාලාව යළි බලාත්මක කරන බව ද ඇමතිවරිය ප්‍රකාශකලා. 

මෙම නීති රීති සම්බන්ධයෙන් වන සම්පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (16) දිනයේ දී නිකුත්වන බවයි සඳහන් වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu