gossiplanka alexa ෆුල් ෆේස් හෙල්මට් ගැන නීතිපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ෆුල් ෆේස් හෙල්මට් ගැන නීතිපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙසක්

ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගැනීම වලකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. 

එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබූ අතර එහිදී නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවේ යතුරු පැදිකරුවන් විසින් ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීම සදහා පොලිස්පතිවරයා නිකුත් කළ උපදේශන චක්‍රලේඛණය නීත්‍යානුකූල නොවන බැවින් එය ක්‍රියාත්මක නොකරන ලෙසට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත්තේ ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසටයි.

මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලීසිය විසින් නාමල් ප්‍රසංග නැමැත්තාට වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණා.  

මෙම නඩුව ගොනු කර ඇත්තේ 2017 වසරේ නිකුත් කළ  අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ බවත් එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේතුව මඟින් අනුමත කර නොමැති බවත් පෙත්සම් කරු පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu