gossiplanka alexa නව කොරෝනා ප්‍රභේදය සිඝ්‍රයෙන් පැතිර යයි, වෛද්‍යවරුන් පුද්ගල ජීවිත පිළිබඳ තීරණයක

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කොරෝනා ප්‍රභේදය සිඝ්‍රයෙන් පැතිර යයි, වෛද්‍යවරුන් පුද්ගල ජීවිත පිළිබඳ තීරණයක

බ්‍රසීලයේ සීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සෞඛ්‍ය සේවාවන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

මෙම නව ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බැවින් ආසාදිතයින් ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ හේතුව නිසාම රෝහල්වල ඔක්සිජන් සැපයුම ද ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජීවත්විය යුතු පුද්ගලයින් තීරණය කිරීම වෛද්‍යවරුන්ට සිදුව ඇති තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. 

මෙම නව වෛරස් ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ බ්‍රසීලයේ ඇමසන් ප්‍රාන්තයේ යි.

ජපානයේ සංචාරයක නිරතව සිටි ඇමසන් ප්‍රාන්තයේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔවුන්ට සිදු කල පරීක්ෂණවලින් මෙම නව කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනා ගැනීමට ජපානය සමත් වුණා.

වාර්තා වන අන්දමට මෙම නව ප්‍රභේදය දැනට සොයා ගෙන ඇති එන්නත් මඟින් පාලනය කිරීම අපහසුවනු ඇති බවයි විද්‍යාඥයින් මත පළ කරන්නේ. 

දැනට මෙම නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් බ්‍රසීලය, ජපානය සහ බ්‍රිතාන්‍යයෙන් හමුව තිබෙනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu