![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaVzZJaiVnln5LYzpp85sQy6RsTyk6WHCIuvedPC0kIp9qHm-_L3DldYarwB141tdQY4wsLz_ddltLDpOwUAZSIqgCVuFGQHYxpBEG5FoHolMqfaFZcymPP6tUCOuuQHqqReqUwbj7DwDn/s16000/corona+death.jpg)
මේ අතර කැනඩාවේ දී මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් කොවිඩ් - 19 නීති රීති නොතකා මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙත භාර දීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.
විදෙස් රටකදී මිය ගිය පුද්ගලයෙක්ගේ මෘත දේහයක් මෙරටට රැගෙන ඒමෙන් පසු එම පුද්ගලයාට කොවිඩ් -19 වැළඳී තිබුණ ද, නැති වුව ද පී.සී.ආර් පරීක්ෂණයෙන් අනතුරුව එම මෘතදේශය මීගමුව ආදාහනාගාරයේ දී ආදාහනය කල යුතු බවටයි නියෝග පනවා ඇත්තේ.
නමුත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් - සෞඛ්‍ය සේවා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා විසින් මීගමුව දිස්ති‍්‍රක් මහ රෝහලේ මරණ පරීක්ෂක වෙත යොමු කල ලිපියක් අනුව කැනඩාවෙන් ගෙනා එම මෘත දේහය ඔහුගේ ඥාතීන්වෙත මුදා හැර තිබෙනවා.