ත්නපුර දිස්ත්‍රික්කය තුළ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 572 කු හමුවී තිබෙනවා.
 
මේ වන විට නගරයේ ප්‍රධාන පාසැල් තුනක් ද මුස්ලිම් පල්ලි සියල්ලම ද වසා දමා තිබෙනවා. එසේම ඊයේ ‍රැස් වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා වෛරස මර්ධන කමි‍ටුව තීරණය කර ඇත්තේ රත්නපුර කුඩුගල්වත්ත ප්‍රදේශය තාවකාලිකව වසා දැමීමටයි.

ඒ එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කල පී.සී.ආර් පරීක්ෂණ 20කින් 07 දෙනෙකුටම කොරෝනා වෛරස ආසාදනය වී තිබීම හේතුවෙන්.

මේ අතර සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත්තේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කය අධි අවදානම්  තත්ත්වයට පත්ව ඇති බවයි.