gossiplanka alexa බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට දැඩි නීති ක්‍රියාත්මකයි, ඇතුල්වන්නේ නම් සැලසුම්ගතව ඇතුල්වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින්ට දැඩි නීති ක්‍රියාත්මකයි, ඇතුල්වන්නේ නම් සැලසුම්ගතව ඇතුල්වන්න

බස්නාහිර පළාට්තේසිට වෙනත් පළාතකට යාමට උත්සාහ දරණ ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරොධායනයට යොමු කරන ලෙස පොලිසිය දන්වා සිටිනවා.

එසේම මෙම තහනම පනව ඇති කාල සීමාව තුළ බස්නාහිර පළාතෙන් කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් පැමිණ තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ප්‍රාදේශීය පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

තහනම පැනවූ මොහොතේ සිට බස්නාහිර පළාතෙන් කිසිවෙකු හෝටල් සහ නිවාඩු නිකේතනවලට පැමිණ ඇත්නම් හෝ නිවෙස්වලට පැමිණ ඇත්නම් ඔවුන් පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිසීය හෝටල් හිමියන්ගෙන් සහ නිවෙස් හිමියන්ට පවසනවා. මෙවැනි තැනැත්තන් පිළිබඳව බුද්ධි අංශ සොයාබැලීම් ද සිදු කරන බව පොලීසිය පවසනවා.

තහනම පවතින කාල සීමාව දුළ බස්නාහිර පළාතට යම් අයෙකුට පැමිණීමට හැකියාව ඇති නමුත් කිසිවෙකුට බස්නාහිර පළාතෙන් පිටවීමට අවසර හිමි නොවන බැවින් සැලසුම් කර බස්නාහිර පළාතට ඇතුල් වන ලෙස පොලිසීය මහජනතාවට කියා සිටිනවා.

බස්නාහිර පළාතෙන් පිටතට යාමට අවසර ලැබෙන්නේ සෞඛ්‍ය, ජලය, විදුලිය, ඉන්ධන, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සපයන කාර්ය මණ්ඩල සඳහා ඔවුන්ගේ සේවය අවශ්‍ය කර තිබෙන අවස්ථාවලදී පමණක් බවත් මින් පෙර ආයතන 112ක් සඳහා හැඳුනුම්පත් භාවිතා කරමින් ගමන් කිරීමට ලබා දී තිබූ අවසරය ද මෙවර නොසලකනු බවත් පොලිසීය පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu