gossiplanka alexa හුදකලා කල ප්‍රදේශ දැඩි නිරීක්ෂණයක, අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා යොදා ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හුදකලා කල ප්‍රදේශ දැඩි නිරීක්ෂණයක, අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා යොදා ගනී

හුදෙකලා කර ඇති ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට අධි තාක්ෂණික ඩ්‍රෝන කැමරා යෙදවිමට තීරණය කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යපොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ගුවන් හමුදාව මඟින් එම ඩ්‍රෝන කැමරා දියත් කරන බවත් එම කැමරාවලින් ලබා ගන්නා දත්තවලට අනුව නිරෝධායන රීතීන් උල්ලංඝනය කරන පිරිස් හඳුනාගෙන ඒ සැණින් ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩි දුරටත් පවසනවා. 

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙරට තුළ ප්‍රථමවරට මෙම මෙහෙයුම කෙරෙන අතර විශේෂයෙන් කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති ප්‍රදේශයන් හි මෙම මෙහෙයුම ඊයේ (12) පස්වරුවේ සිට ක්‍රියාත්මක කර ඇති බව ඔහු පවසනවා.

පසුගිය ද්න කිහිපය තුළ ද හුදකලා කර ඇති ප්‍රදේශයන් හ් ජනතාවගේ හැසිරීම සතු‍ටුදායක නොවන බවත් එම නිසා නිරෝධායන රීති අකුරටම ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවත් අජිත් රෝහන මහතා වැඩි දුරටත් පවසනවා.

ඒ අනුව ඊයේ සවස වන විට හුදකලා කර ඇති කොළඹ මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර තිස් වසරකට ආසන්න කාලයක යුද සමය නිමා කරමින් වෘත්තීය යුද හමුදාවක් වෙනුවෙන් අවතීර්ණ වන ශ්‍රී ලංකා යුද හමුදාවේ වැදගත් සන්ධිස්ථානයක් සනි‍ටුහන් කරමින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව ස්ථාපනය කිරීම ඊයේ (12) යුධ හමුදා මූලස්ථානයේ දී සිදු කෙරුණා. 

උපුටා ගැනීම : මවුබිම පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu