gossiplanka alexa හුදකලා කල ප්‍රදේශවලට ඇතුල් විය හැකි පුද්ගලයින් නම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හුදකලා කල ප්‍රදේශවලට ඇතුල් විය හැකි පුද්ගලයින් නම් කෙරේ

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය හුදකලා කල ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල අද උදෑසන 5 සිට ඉවත් කරනු ලැබුවා. එසේ හුදකලා කල ප්‍රදේශ වන්නේ,


  • මෝදර පොලිස් බල ප්‍රදේශය
  • මට්ටක්කුලිය පොලිස් බල ප්‍රදේශය
  • බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශය
  • කොටහේන පොලිස් බලප්‍රදේශය
  • ග්‍රැන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශය
  • වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
  • දෙමටගොඩ පොලිස් බලප්‍රදේශය
  • ආදුරුප්පුවීදිය පොලිස් බලප්‍රදේශය
  • මාළිගාවත්ත පොලිස් බලප්‍රදේශය
  • කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය
  • බො‍රැල්ල පොලිස් බලප්‍රදේශය
  • වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශය
  • පෑලියගොඩ පොලිස් බලප්‍රදේශය
  • වත්තල පොලිස් බලප්‍රදේශය
  • කඩවත පොලිස් බලප්‍රදේශය
  • රාගම පොලිස් බලප්‍රදේශය
  • ජා-ඇල පොලිස් බලප්‍රදේශය
  • සපුගස්කන්ද පොලිස් බලප්‍රදේශය
  • මීගමුව පොලිස් බලප්‍රදේශය
  • පමුණුගම පොලිස් බලප්‍රදේශය
  • හොරණ පොලිස් බලප්‍රදේශය
  • ඉංගිරිය පොලිස් බලප්‍රදේශය
  • පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
  • මාවනැල්ල පොලිස් බලප්‍රදේශය
  • රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශය


එසේම කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ මෙත්සඳ සෙවණ, මිහ්ජය සෙවණ, මෝදර රන්මිණ සෙවණ, දෙමටගොඩ සිරිසඳ උයන්, මාළිගාවත්ත නිවාස යන නිවාස යෝජනා ක්‍රම  තුළ ද කොවිඩ් - 19 වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමේ අවදානමක් ඇති බැවින් ඒවායේ ජීවත්වන ජනතාවට නිවාස ඒකක අතර හෝ ගමන් කිරීම අවම කර තිබෙනවා. 

හුදකලා කල ප්‍රදේශවලට ඇතුල්වීමට හෝ පිටවීමට ක්සිවෙකුටවත් අවසරයක් නොමැති මුත් පහත සඳහන් පුද්ගලයින්ට නිසි අවසරය ලබා ගෙන එම ප්‍රදේශවලට ඇතුළුවීමට සහ ඉන් පිටවීමට අවසර ලබා ගත හැකි වනවා.

  • හුදෙකලා කෙරෙන ප‍්‍රදේශවල සිටින අත්‍යවශ්‍ය සේවා සැපයුම් කරුවන්,
  • ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩල සහ අපනයන සංවර්ධන මණ්ඩල කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්
  • පිසූ ආහාර සැපයීම වැනි සේවා සපයන්නන් ( එහෙත් එම ප‍්‍රදේශවල පිහිටි වෙළඳසැල් වසා තැබිය යුතුයි)


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu