gossiplanka alexa සිල් රෙදි නඩුවෙන් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිල් රෙදි නඩුවෙන් විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කෙරේ

2015 දී ජනාධිපතිවරණය කාලයේ දී ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමනකොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත් චෝදනාව යටතේ පැනවූ සිල් රෙදි නඩුවෙන්, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු  අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය නිදොස් කොට  මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. 
 
එකී මුදල් වංචා සහගත ලෙස ලබා ගෙන එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ සාවද්‍ය පරිහරණයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වැරදි කරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අභියාචනාවක් ඉදිරිපත් කර තිබුණා.


එසේ වැරදිකරුවන් වීම නිසා එම විත්තිකරුවන්ට වසර තුනක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් සහ වෙන වෙනම රුපියල් ලක්ෂ 20 බැඟින් වූ මුදලක් ගෙවීමට ද මහාධිකරණය විසින් තීන්දු කර තිබුණා. ඊට අමතරව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට සිදු වූ පාඩුව ගෙවීමට විත්තිකරුවන්ට වෙන වෙනම කොමිෂන් සභාව වෙත රුපියල් මිලියන 50 බැඟින් වූ වන්දියක් ගෙවීටට ද නියම වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu