gossiplanka alexa දින 9කට වරක් යුරෝපයේ ආසාදිතයින් මිලියනයකින් ඉහළ යයි, ලොව පුරා කොරෝනා තතු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

දින 9කට වරක් යුරෝපයේ ආසාදිතයින් මිලියනයකින් ඉහළ යයි, ලොව පුරා කොරෝනා තතු

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු මේ දක්වා ගෝලීය වශයෙන් එක් දිනයක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ලක්ෂ 4 පසුගිය සෙනසුරාදා දින වාර්තා වී තිබෙනවා. 

මේ වන විට යුරෝපා රටවලින් ද විශාල වශයෙන් නව ආසාදිතයින් වාර්තා වන අතර, එම ගණන අමෙරිකාව, ඉන්දියාව සහ බ්‍රසීලයේ ඒකාබද්ධ ආසාදිත සංඛ්‍යාවද ඉක්මවා ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

ලොව පුරා වාර්තාවන සෑම නව ආසාදිතයින් 100කින් 34 දෙනෙක්ම වාර්තා වන්නේ යුරෝපා රටවලින්. 

යුරෝපීය රටවල් 21කින් මින් පෙර වාර්තා නොවූ අයුරින් දෛනික කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තාවනවා.
ඇල්බෝනියාව
ඔස්ට්‍රියාව
බෙල්ජියම
ක්‍රොයේෂියාව
චෙක් ජනරජය
ප්‍රංශය
ජෝර්ජියාව
ජර්මනිය
ග්‍රීසිය
අයර්ලන්තය
ඉතාලිය
ලිතුවේනියාව
මෝල්ටාව
නෙදර්ලන්තය
උතුරු මැසිඩෝනියාව
පෝලන්තය
පෘතුගාලය
රුමේනියාව
ස්ලෝවැකියාව
ස්ලෝවේනියාව
යුක්‍රේනය

මෙම රටවල් 21 වනවා. ප්‍රංශයේ ද නව ආසාදිතයින් 30,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම එරට නව කොරෝනා වෛරස ආසාදිතයින් ගණන ලක්ෂ 8 ඉක්මවා ගියා.

ඉතාලියේ ද නව කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර බ්‍රිතාන්‍යයෙන් දෛනිකව ආසාදිතයින් 19,000ක් පමණ හමුවෙයි. නමුත් බලධාරීන් පවසන්නේ හඳුනා නොගත් ආසාදිතයින් මීට වඩා වැඩි විය යුතු බවයි.

ජර්මනියේ පරිපාලන අධිකරණයක් පෙන්වා දෙන්නේ ජර්මන් රජය විසින් පනවනු ලැබ ඇති සෞඛ්‍යාරක්ෂණ නියාමනයන් ප්‍රමාණවත් නොවන බවයි. ඇඳිරි නීතිය පිළිබඳව පුරවැසියන්ගේ අවනතභාවයක් නැති බවත් පෞද්ගලික සම්භාෂණ, ප්‍රජා පහසුකම් හා අගමික ස්ථාන, මාංශ සැකසුම් ආයතන වැනි දේ නිසා රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තවන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සෑම දින 9කට වරක්ම යුරෝපයේ ආසාදිතයින් සංඛ්‍යාව මිලියනයකින් පමණ ඉහළ යන බවත් මේ දක්වා යුරෝපා කලාපයෙන් ආසාදිතයින් 63ලක්ෂයක් පමණ වාර්තා වී ඇති බවත් පැවසෙනවා.

මේ දක්වා ලොව පුරා කොරෝනා ආසාදිතයින් 40,281,741 ක් වාර්තා වී ඇති අතර මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 1,118,328 ක්. සුවය ලැබූ ආසාදිතයින් ගණන 30,116,676 ක්.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu