gossiplanka alexa ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු කර්මාන්තශාලාවල කාර්ය මණ්ඩලයන් කොරෝනා පරීක්ෂාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු කර්මාන්තශාලාවල කාර්ය මණ්ඩලයන් කොරෝනා පරීක්ෂාවට

දැනට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (05) සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී වැදගත් තීරණ ‍රැසක් ගෙන තිබුණා. 

01. මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර සේවාවන් සැපයීම සදහා යොදා ගැනීම. 

02. කොවිඩ්-19 ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරික්ෂා කිරීමට ගම්පහ රෝහල යොදා ගැනීම. 

03. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් සහ ඔවුන් ලගින් ඇසුරු කළ ආශ්‍රිතයින් මෙන්ම පාසල් දරුවන් ඇතුලුව 2000 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කටයුතු අද දින සිදු කිරීමට කටයුතු කිරීම. 

04. ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටි කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල PCR පරීක්ෂාවට ලක් කිරීම. 

05. ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර සේවා නිරීක්ෂණයට හා සවිබල ගැන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ නිලධාරි කණ්ඩායමක් යෙදවීමට පියවර ගැනීම. 

06. දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීම සහ එම කටයුතු සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල හා උපකරණ හිඟයකින් තොරව ලබාදීම.

ඒ අතර ප්‍රධාන වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu